Connect with us

News

බටුවත්ත “ආමි උපුල්” ඝාතනය කරයි

Published

on

බටුවත්ත වෙඩිතැබීම

රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචිව සිටි ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන ‘ආමි උපුල්’ නම් අවුරුදු 45ක් වයසැති හමුදා සේවයේ සිටි පුද්ගලයකු බව වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

News

මුදල් වංචා කර ඉන්දියාවට පැන ගිය සැකකරුවන් 3ක් යළි දිවයිනට ගෙන්වයි

Published

on

මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වාගෙන ඊයේ (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දැනට පවතින අපරාධ නඩු කිහිපයකටම වරෙන්තු නිකුත් කර ඇත.

ඔවුන්ට අදාළ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading

News

පළාත් කිහිපයකට අදත් වැසි

Published

on

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ වාර්තාව මගින් පවසයි. 

එම වාර්තාව පෙන්වා දෙන්නේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වේ සඳහන් වෙයි. 

Continue Reading

News

“Ali Express වැනි සේවාවලින් භාණ්ඩ ගෙන්වීම නවතා නෑ” – රේගුවෙන් පැහැදිළි කිරීමක්

Published

on

Ali Express වැනි ඔන්ලයින් සේවාවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීම නතර කිරීමක් සිදුකර නොමැති බව අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පවසයි.

‘BBC සිංහල’ වෙත අදහස් දක්වමින් අතිරේක රේගු අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ දැන් සිදුවන්නේ ගාස්තු වැඩි කිරීමක් නොව නිවැරදි ගාස්තුව අය කිරීම බව ය.

මීට පෙර පැවැති ක්‍රමය අනුව බදු අය කිරීමක් සිදු කළද, වටිනාකම අනුව බදු අය කිරීමක් සිදු නොකළ බවත්, එය වැරදි ආකාරයට භාවිත වන බවට පෙනී යෑම හේතුවෙන් මෙම පියවර ගත් බවත් ඔහු සඳහන් කරයි.
නව ක්‍රමවේදය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මාස එක හමාරකට පෙර දැනුම් දීමෙන් අනතුරුව භාණ්ඩ සඳහා ගෙවන නව ක්‍රමවේදය හඳුන්වාදුන් බවත්, ගෙන්වන භාණ්ඩවලට නිවැරදි බද්ද ගෙවා භාණ්ඩ රැගෙන යා හැකි බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් පවසයි. 

Continue Reading

Trending