Connect with us

Sport

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරදා පළමු එක්දින තරගය සුපිරියටම දිනයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය පරාජය කර ජයග්‍රහණය සෙරෙප් කිරීමේ අවස්ථාව

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (2) සමත් විය.

දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ඉනිමි ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල මුලු ලකුණු 29 දී දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකිවුවද, ඔවුන්ට දෙවන කඩුල්ල දවාගැනීමට ඉනිමට ලකුණු 71ක් එක්වනතෙක් බලාසිටීමට සිදුවිය.

ඒ දෙවන කඩුල්ලට නජ්මුල් හුසේන් ශාන්ටෝ හා තන්සිද් හසන් ගොඩනැගූ ලකුණු සබඳතාව හේතුවෙන්ය.

කෙසේ වෙතත් එහිදී ශාන්ටෝ මුලු ලකුණු 100ක් වද්දී දවාගැනීමෙන් පසු ඉනිමට තවත් ලකුණු 5ක් එක්වද්දී බංග්ලාදේශ ඉනිමේ තවත් කඩුලු 6ක් උදුරාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

මෙහිදී අංක 7 පිතිකරු ලෙස පැමිණි ජකීර් අලි ලකුණු 51ක් රැස්කරමින් ගොඩනැගූ ප්‍රහාරාත්මක ඉනිම ක්‍රීඩා නොකරන්න බංග්ලාදේශ ඉනිම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවනන්ට හැකියාව තිබුණි.

ඔහු මුස්තෆිසූර් රහමාන් සමගින් අවසන් කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් පැවැත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ වනිඳු හසරංග ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගත්තේය.

එමෙන්ම කමිඳු මෙන්ඩිස් ද කඩුලු 3ක් දවාගමින් සාර්ථක පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළේය.

ජකීර්ට අමතරව ආරම්භක පිතිකරු තන්සිද් හසන් ලකුණු 62ක් රැස්කරගෙන සිටියදී තෙවන කඩුල්ල ලෙස දැවී ගියේය.

මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

Trending