Connect with us

News

අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමට ඉල්ලන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

Published

on

රාමනාදන් අර්චුනා මන්ත්‍රී ධුරය අවලංගු කිරීමට ඉල්ලා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට ගැනීමේ අවසර ලබා දීම

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර ලබාදී ඇත. 

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන අතර, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර, වැඩ තහනමට ලක්ව සිටි බැවින්, ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බව පෙත්සමින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ලබා දෙන ලෙස පෙත්සම්කරු මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණත් මේ අවස්ථාවේදී එවැනි තහනම් නියෝගයක් නිකුත් නොකරන බව ද විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි. 
අදාළ පෙත්සම අගෝස්තු 01 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

News

මුදල් වංචා කර ඉන්දියාවට පැන ගිය සැකකරුවන් 3ක් යළි දිවයිනට ගෙන්වයි

Published

on

මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙරටට ගෙන්වාගෙන ඊයේ (03) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දැනට පවතින අපරාධ නඩු කිහිපයකටම වරෙන්තු නිකුත් කර ඇත.

ඔවුන්ට අදාළ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්

Continue Reading

News

පළාත් කිහිපයකට අදත් වැසි

Published

on

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ කාලගුණ වාර්තාව මගින් පවසයි. 

එම වාර්තාව පෙන්වා දෙන්නේ ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද වාර්තා වේ සඳහන් වෙයි. 

Continue Reading

News

බටුවත්ත “ආමි උපුල්” ඝාතනය කරයි

Published

on

රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක පදිංචිව සිටි ගණේමුල්ල සංජීවගේ සමීපතමයකු වන ‘ආමි උපුල්’ නම් අවුරුදු 45ක් වයසැති හමුදා සේවයේ සිටි පුද්ගලයකු බව වාර්තා වෙයි.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

Continue Reading

Trending