Connect with us

Around The World

ඉන්දීය විදෙස් ඇමැති අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි

Published

on

ඉන්දියා-අමෙරිකාව ආරක්ෂාව සහ තාක්‍ෂණ හවුල්කාරිත්වය

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ අතර හමුවක් සිදුවී තිබේ.

අමෙරිකාවේ වොෂින්ටනයේ පැවැත්වෙන Quad එකමුතුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරය අතරතුර මෙම හමුව සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඔහු අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ හමුවී ආරක්‍ෂාව, තාක්‍ෂණය, බලශක්තිය යන ක්ෂේත්‍රවල දෙරට අතර ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර,  කලාපීය සහ ගෝලීය වර්ධනයන් පිළිබඳව ද එහිදී පුළුල් ලෙස අවධානය යොමුකර ඇති බව ද සඳහන් වෙයි. 

Quad සමුළුවට සමගාමීව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරයාවද හමුවී තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending