[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

විමල් උදය වාසු එළියට ආවේ ආණ්ඩුවේ ප්ලෑන් එකකට

-

Spread the love

-ජනක බලල්ල-

ආණ්ඩුවට විරුද්ධව පිටත ගොඩනැගෙන මහා ජන පවුර මැදට විමල් උදය වාසු වැනි සාධක එක්කිරීම ආණ්ඩුවේම තවත් සැලැස්මක් සේ පෙනෙන්නට තිබේ.

මේ වනවිට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය ආණ්ඩුවේ දැවැන්ත කඩාවැටීම හමුවේ ජනතා ප්‍රසාදයට පත්වෙමින් තිබෙන බවත්, මෛත්‍රීපාල ඇතුළු කණ්ඩායම ආණ්ඩුව තුළ හිඳිමින් ම ආණඩුව විවේචනය කිරීම ඊට තවත් රුකුලක් වන බවත් නිරීක්ෂණය වෙයි

එම නිසා ම එවැනි තීරණාත්මක අවස්ථාවක ආණ්ඩු විරෝධි සටන් බිමේ නායකත්වය පිටතට යෑම වළක්වා එම බලය යළි සිය සගයන් යටතේම තබා ගැනීමට තුරුම්පුවක් ලෙස විමල් උදය වාසු ඉතා හොඳ සාධක ය.

එසේ නොමැතිව ගෝඨාභය ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියා නිසා ආණ්ඩුව බිඳවැටුණොත් තම ”පුතාට රට” සිහිනය බොඳ යනු නොඅනුමාන ය. එවැනි අවස්ථාවක තමන්ගේ මට්ටමින් කළ හැකි සෑම දෙයක් ම කළ යුතු ය.

ආණ්ඩුවට එරෙහිව පිටත ගොඩනැගෙන දැවැන්ත ජන පුවර මැදට මේ අවස්ථාවේ තම හොඳම සටන් සගයන් අතහැරීමට මහින්ද රාජපක්ෂ වැනි පරිනත දේශපාලනඥයකු පියවර නොගන්නේනම් එය පුදුමයකි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...