[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සංචරණ සීමා නොතකා ආණ්ඩුවේ මන්ත්‍රීවරු මුල්ගල් තැබීමේ උත්සවවල

-

Spread the love

-ජනිත් හේමාල්-

කොවිඩ්-19 වසංගත තත්ත්වය යටතේ මේ වනවිට මුළු දිවයිනටම බලපවත්වන ආකාරයට පනවා ඇති සංචරන සීමා නොතකා ආණ්ඩු පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යූකේ සුමිත් උඩුකුඹුර මහතා අද (14) හිරියාල ආසනයේ ස්ථාන කිහිපයක මුල්ගල් තැබීමේ උත්සව කිහිපයකට සම්බන්ධ වී තිබේ.

හිරියාල ආසනයේ මැල්සිරිපුර,  උස්සාව ප්‍රදේශයේ සහ නිකගොල්ල ප්‍රදේශයේ මෙලෙස මුල් ගල් තැබීමේ උත්සවවලට ඒ මහත සහභාගි වී ඇත්තේ හිරියාල සමුපකාර සංගමයේ සභාපති අනුර බණක මහතාගේ ආරාධනා මතය.

මෙම අවස්ථාවන් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහභාගී වී ඇත්තේ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් වික්‍රමසිංහ, මන්ත්‍රීවරුන් වන සුසන්ත, ගාමිණී දිසානායක, ආනන්ද රණසිංහ,  කුමාර යන මහත්වරු පිරිසක් ද සමගය.

සුමිත් උඩුකුඹුර මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ මෙම උත්සවවලදී ලබාගත් ඡායාරූප සහ තොරතුරු උඩුගත කර යාවල්කල් කර තිබෙන අයුරුද මෙලෙස දැකගත හැකි විය.

මේ පිළිබඳ කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මසේ පැවසීය

“අද රටේ තිබෙන තත්ත්වය අනුව හැමෝටම නීතිය පොදු විය යුතුයි . මේ ප්රදේශයට අදාළ සෞඛ්ය වෛද්ය කාර්යාලයේ මා දැනුවත් කරල නැහැ . ඒ කෙසේ වෙතත්, එහෙම කිසිම උත්සවයක් පවත්වන්න බෑ . මේ වෙලාවේ උත්සව අවස්ථා නෙවෙයි මිනිසුන්ට එකතු වෙන්න බැහැ . මෙවැනි curfew අවස්ථාවක එවැනි නීති කඩ කරන්නන් පිළිබඳ පොලිසිය එහි වගකීම භාරගත යුතුයි.”

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...