[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”හෙට වැඩට එන්න එපා” අගමැති රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලයි

-

Spread the love

(ජනක බලල්ල)

රට පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට(20) දිනයේ අත්‍යවශ්‍ය සේවා හැර සියලු රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලයි.

අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තවද, අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මේ සති අන්තය තුළ ඉන්ධන යම් ප්‍රමාණයක් සැපයෙන බැවින් සඳුදා සිට තත්ත්වය යම් පමණකින් සමථයකට පත්වනු ඇති බවයි. කෙසේ වෙතත් ජූනි මැද වනතුරු දැනට ලැබීමට නියමිත ඉන්ධන ගොත ප්‍රමාණවත් වනු ඇති බවත්, අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ වනවිට අවසන් වන නිසා විභාගය සඳහා ගැටලුවකින් තොරව යෑම්ඊම් සිදුකරගත හැකි බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් හෙට දිනයේ දෙවන පාසල් වාරය අවසන් වීමට නියමිතය. ඉන්ධන ගැටලුවෙන් වැඩිම බලපෑම ඇත්තේ පාසල් ළමයින්ට සහ ගුරුභවතුන්ට වුවත් හෙට දිනයේ පාසල් පැවැත්වෙනවාද නැද්ද යන්න අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය තුළ පැහැදිළි නැත.

එසේම පාසල් අත්‍යවශ්‍ය සේවා අතර නොමැති බැවින් හෙට දිනයේ පාසල් ගුරුභවතුන් සේවයට වාර්තා කළ යුතු ද නැද්ද පිළිබඳ ද අදාළ ප්‍රකාශය මගින් පැහැදිළි නොවේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...