[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සුනිල් මාධව ප්‍රේමතිලක දිවි ගමනට සමු දෙයි

-

Spread the love

-ජනක බලල්ල-

කෘතහස්ත මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතා අද (23) පස්වරුවේ සිය දිවිගමනට තිත තැබුවේය. මිය යනවිට 78වැනි වියෙහි පසු වූ ඒ මහතා රැඩිකල් මත දැරූ සුප්‍රකට මාධ්‍යවේදියෙකි.

1944 මැයි 12 වැනි දා උපත ලැබූ ප්‍රේමතිලක මහතා 1960 දී ලේක්හවුස් ආයතනයෙන්  පුවත්පත් කලාවට පැමිණ පසුව දිවයින පුවත්පතට එක්විය. දිවයින පුවත්පතේ ‘අටවැනි පිටුව‘ සංස්කරණය කරමින් දැඩි මතදාරියකු ලෙස පාඨකයා තුළ ජනාදරයට පාත්‍ර වූ ඒ මහතා දිවයින පුවත්පතෙන් පසු ලක්මින, ලක්දිව සහ හිරු පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව ‘හඬනු මැන නිදහස‘, ‘ඇමරිකා ඇමරිකා‘, ‘කැරොලිනාගේ දිනපොත‘, ‘මොහොමඩ් අලී‘ වැනි තවත් ජනප්‍රිය නිර්මාණ රැසක් ද ඒ මහතා අතින් නිර්මාණය වී ඇත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...