[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සුගතදාස ක්‍රීඩාංගන හෝටලයේ රහසිගත මෙහෙයුම් මැදිරියක්?

-

Spread the love

(ඉන්දික ප්‍රසන්න)

කොළම සුගතදාස ක්‍රීඩාංගණයට අයත් හෝටල් කාමරයක රාජපක්ෂවරුන්ගේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

අද (12) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ යැයි කියාගන්නා පිරිසක් වාහන දෙකකින් පැමිණ අදාළ කාමරවල තිබූ පරිගණක සහ තවත් උපකරණ තොගයක් රැගෙන යෑමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු මෙම තොරතුරු අනාවරණය වී ඇත.

සුගතදාස ක්‍රීඩාංගණය භාර නිලධාරීන්, හෝටලයේ පාලනාධිකාරිය හෝ ආරක්ෂක නිලධාරීන් කිසිවකු නොමැති අවස්ථාවක මෙම පිරිස පැමිණ ඇත.

හෝටලයේ කාමර අංක 109, 116, 117, 118, 119, 120 ඇතුළු තවත් කාමර මේ සඳහා යොදාගෙන ඇති අතර, එක් කාමරයක් සඳහා දිනකට රුපියල් 5000 අය කෙරුණද, මේ වනතෙක් එකී කාමර සඳහා කිසිදු ගාස්තුවක් ගෙවා නොමැති බව ද අනාවරණය වෙයි.

කෙසේ වෙතත් මෙම රහසිත මෙහෙයුම් මැදිරිය කුමක් සඳහා භාවිත කර ඇද්ද යන්න මෙතෙක් හවුරුකරගෙන නොමැත.

සුගතදාස ක්‍රීඩාංගනය සහ මෙකී හෝටලය ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ආයතන දෙකකි. නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ඉකුත්දා ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණත් එම ධුරය සඳහා වෙනත් පුද්ගලයකු නම් කර නොතිබිණි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...