[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කන්න හාල් තියෙන්නෙත් තම මාස 2කට පමණයි!

-

Spread the love

(කුමාරි රත්නායක)

ඉදිරි මාස දෙකෙන් පසු සම්පූර්ණයෙන් ම රටේ සහල් සංචිතය සිඳී යන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

වසරකට මෙරටට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් අවශ්‍ය බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ පසුගිය මහ කන්නයේදී පැවැති පොහොර අර්බුද හමුවේ ගොවීන්ට නිෂ්පාදනය කිරීමට හැකිව ඇත්තේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 15ක් පමණක් බවයි. ඉදිරි යල කන්නයේ වී නිෂ්පාදනය සිහිනයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව අවුරුද්දට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 37ක් වෙනුවට යල මහ කන්න දෙකෙන් අඩුම තරමින වී මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක් හෝ නිෂ්පාදනය කරගැනීම බරපතල කාරණයක් වනු ඇති බව ඒ මහතාගේ අදහසයි.

මේ හේතුවෙන් සහල් ආනයනය කිරීමට සිදුවුවත්, ඩොලරයේ අගයට සාපේක්ෂව මීට කලින් වියදම් කළා මෙන් හතර ගුණයකින් එකී ආනයන වියදම වැඩි වන බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරන්නේ තව මාස දෙකකින් පසු රටේ ප්‍රධාන ම ගැටලුව වන්නේ කෑම බීම ටික සපයා ගැනීම පිළිබඳ බවයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...