[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

-

Spread the love

(ජනක බලල්ල)

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(27) ඇයට දඬුවම් නියම කළේය.

ඇයට වසර දෙකක අනිවාර්ය සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ කොළඹ ප්‍රධාන ( පුරෝගාමී ) මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ වරදකරු අදාළ දඩ මුදල නොගෙවන්නේනම් තවත් මාස 6ක සිරදඬුවමක් ලබා දෙන ලෙසයි.

ශෂි වීරවංශ මහත්මිය පසුගිය දා රාජපක්ෂවරුන්ගේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ආදරනීය බිරිඳ ය.

වර්ෂ 2010 සිට 2015 කාලය තුළ චූදිත වීරවංශ මහත්මිය අංක ඩී 3642817 දරන ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රය සන්තකයේ තබා ගැනීමෙන් 1993 අංක 16, 1998 අංක 42 සහ 2006 අංක 31දරන (සංශෝධීත) පනත්වලින් හා 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට රහස් පොලිසිය විසින් චූදිතට එරෙහිව නඩු පවරනු ලැබ තිබිණි.

වසර 7ක් තිස්සේ පැවැති මෙම නඩුවට අදාළව ශෂි වීරවංශ මහත්මිය රහස් පොලිසිය මගින් 2015 වසරේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඇප ලැබ සිටි අංක 74, ජේ, මංගල මාවත, හෝකන්දර පදිංචි රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මිය අද (27) අධිකරණ හමුවේ පෙනී සිටියාය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...