[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

අගමැතිගේ ඉල්ලීමට හෙට පාසල් වැහෙයිද?

-

Spread the love

(ජනක බලල්ල)

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට(20) අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන් රාජකාරියට වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීම අනුව පාසල් ගුරු සේවය අත්‍යවශ්‍ය සේවා අතර නොමැති බැවින් ඔවුන් සේවයට වාර්තා නොකර සිටීමේ තත්ත්වයක් උද්ගතවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය සහා ලේකම්වරයකු ද පත්කර නොමැති අවස්ථාවක අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම මත පාසල් ගුරුභවතුන් ඇතුළු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා නොකළහොත් එළඹෙන 23දා ආරම්භ වීමට නියමිත අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද එය බාධාවක් වනු ඇත.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ හෙට දෙවන පාසල් වාරය අවසන් වන අතර, පාසල්පැ ද වැත්වෙන බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයේ නියුතු රාජ්‍ය සේවකයන් පිළිපැදිය යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමද, අමාත්‍යාංශයේ නිවේදනය ද යන්න පිළිබඳ මේ වනතෙක් පැහැදිළි කිරීමක් ලැබී නැත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...