[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සතුරා ඉන්නේ අපේ සාලය මැදමයි – ආචාර්ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් [Video]

-

Spread the love

-ජනක බලල්ල-

අපේ මානසික ආතතියට, පීඩනයට තව තවත් පොහොර දාන සතුරෙක් වන නූතන රූපවාහිනිය අපි සාලය මැදම තබාගෙන සිටින බවත්, එහි සවස හතේ සිට දහය දක්වා පෙන්වන ටෙලි නාටක තුළ සැනසිල්ලේ සිටින ගැහැණියක් නොසිටින අතර, එහි සිටින්නේ තවකෙකුට කෙනෙහිළිකම් කරන ගැහැණියක් පමණක් වන බවත් ආචාර්ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පෙන්වා දෙයි.

ඇය මෙලෙස අදහස් දැක්වූයේ මාර්තු 8 වැනිදාට යෙදී තිබෙන විශ්ව කාන්තා දිනය නිමිත්තෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් සංවිධානය කරන ලද ”අවිද්‍යාවට එරෙහි ගැහැණිය” මැයින් පැවැත්වුණු සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය පවසා සිටියේ විද්‍යාව යටපත් කරමින් අවිද්‍යව මුළු සමාජයම වෙලාගෙන ඇති බවයි. ඒ සඳහා සංවිධානාත්මකව මැදිහත්වන ඇතැම් ජනමාධ්‍ය හිමිකාරීත්වයන් සහ ගෝලීය සමාගම් පිළිබඳව ද ඇය පෙන්වා දුන්නාය. සමාජ මතය ඉබේ ඇති නොවන බව පෙන්වා දෙන පෝල්රාජ් මහත්මිය අවධාරණය කරන්නේ මාධ්‍ය විසින් සංවිධානාත්මකව මිනිස් මනසේ මතවාද නිර්මාණය කරන බවයි.

අතීතයේ ජනමාධ්‍ය පාලනය කිරීම, මාධ්‍යකරුවන් පාලනය කිරීම දේශපාලකයන් විසින් සිදුකරන ලද ක්‍රියාදාමයක් ලෙස පැවතුනත්, අද වනවිට කිනම් දේශපාලකයකු බලයට පැමිණිය යුතුද යන්න තීරණය කිරීම මාධ්‍ය සමාගම් කිහිපයක් විසින් සිදුකරන තත්ත්වයට පත්ව ඇති බව ද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

ඇය එහි දී කළ කථාව….

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...