[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

මුදල් ඇමැතිකම රනිල්ට-මහබැංකු අධිපති ධුරයෙත් වෙනසක්?

-

Spread the love

(ජනක බලල්ල)

මුදල්, ආර්ථික ස්ථායිතා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධුරයෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්නේ ය.

අවස්ථා 6ක දී අග්‍රාමාත්‍ය ධුරය දැරූවත් ඔහු මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කරන්නේ මුල් වතාවට වීම විශේෂත්වයයි.

මුදල් අමාත්‍ය ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා දීමට ආණ්ඩුව දිගින් දිගටම සාකච්ඡා කර තිබුණත් එය ව්‍යර්ථ වීමෙන් පසු මෙලෙස අග්‍රාමාත්‍යවරයා එම ධුරය භාරගෙන ඇති බව පැවසේ.

මේ අතර මුදල් අමාත්‍යංශය අග්‍රාමාත්‍යවරයා යටතට පත්වනවාත් සමග මෙරට මහබැංකු අධිපති ධූරයේ වෙනසක් සිදුවීමට නියමිත බව ද වාර්තා වේ.

එම වාර්තා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ධූරයෙන් ඉවත් කර හිටපු මහ බැංකු අධිපතිපතිවරයකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නැවත පත්කිරීමට සුදානමක් පවතින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අවශ්‍ය උපදෙස් ලබාගැනීමට පත්කළ උපදේශක කමිටුවේ සාමාජිකයෙනක් ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ වනවිටත් කටයුතු කරන අතර, ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවද සඳහන්.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආචාර්ය නන්දලාල් වීරසිංහ එම ධුරයට පත්කරනු ලැබිණි.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය ලබා ගෙන ඇත්තේ ආණ්ඩුව ස්ථාවරව පවත්වාගෙන යෑමට නම් අවශ්‍ය පරිදි වෙනස්කම් සිදුකිරිමට ජනාධිපතිවරයා බාධා නොකරන බවට වූ එකඟතාවත් මත බව ද පැවසේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...