[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ප්‍රධාන පක්ෂවල සහාය රනිල්ට නෑ

-

Spread the love

(ජනක බලල්ල)

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ(12) හදිසියේ පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට තම සහයෝගය ලබා නොදෙන බවට සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන පාර්ශ්ව කිහිපයක් ම අද තම ස්ථාවරය මාධ්‍ය හමු තබමින් රට හමුවේ ප්‍රකාශ කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත්කරන රජයේ කිසිම ආකරයකින් කොටස්කාරයකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පෙරවරුවේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තීරණයට එළැඹි බව පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

ඊට අමතරව ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 11 පවසන්නේද රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට තම සහාය නොලැබෙන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමගි ජන බලවේගයේ ද කිසිදු සහයක් හිමි නොවන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අද පැවැති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය සිදුකරන බවද ඔහු පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ගෙන ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

 රනිල්ජ වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවක කිසිසේත්ම කොටස්කරුවන් නොවන බව පවසන ජාතික ජන බලවේගය පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා ඔහු අගමැති කිරීමට ගත් තීරණය ජනතාව විශ්වාස නොකරන එකක් බවයි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ එම පත්කිරීම මලදරු උපතක් බවයි.

මේ අතර, දෙමළ ජාතික සංධානය සිය සහාය කොන්දේසි විරහිතව නව අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දෙන බව පවසා ඇත.

කෙසේ වෙතත් එළැඹෙන පාර්ලිමේන්තුව කැඳවන පළමු අවස්ථාවේ දීම ආසන 113ක බහුතරය පෙන්වීම රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන අභියෝකයකි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...