[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

සංචාරකයන් ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය දෙසැ28 සිට ජන19 දක්වා

-

Spread the love

(ජනක බලල්ල)

සංචාරකයන් ගෙන්වා ගැනීම උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් යටතේ සිදුවන බැවින් සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ලාංකිකයන් බිය විය යුතු නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

සංචාරක නියාමන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රථම මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

සංචාරකයන්ගෙන් ලාංකිකයන්ටත්, ලාංකිකයන්ගෙන් සංචාරකයන්ටත් කොවිඩ්-19 වයිරසය බෝ නොවන අයුරින් සියලු ක්‍රමවේද සකස් කර අවසන් බව ද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මිලියන 03 ක පමණ පිරිසක් සෘජු හා වක්‍රාකාරයෙන් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව යැපෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය පාස්කු ප්‍රහාරයත්, මෙම කොවිඩ් වසංගතයත් හේතුවෙන් එම පිරිස විවිධ  අභියෝගවලට මුහුණ දෙමින් සිටි බවයි. එබැවින් සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම රජයක් ලෙස තීරණය කළ බව ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක වෙමින් දෙසැම්බර් 28 දින සිට ජනවාරි 19 දක්වා මෙම නියාමන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවත්, එහි දී සෑම සංචාරකයකුටම රජයේ සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් Bio bubble යටතේ හඳුනාගත් ස්ථානවලට යෑමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය. එම අවස්ථාවල දී සංචාරකයන් හා ශ්‍රී ලාංකිකයන් මිශ්‍ර නොවන අන්දමට මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇති.

මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.

සංචාරක‍යෝ ආවේ නැහැ කියලා පසුගිය කාලෙ කොරෝනා රැලි මතු නොවුණේ නැහැ. මිනුවන්ගොඩ රැල්ල, පෑලියගොඩ රැල්ල තිබුණා. හැම රටකම මේ තත්ත්වය තියෙනවා. ඒත් සමඟ ජීවත්වීමට අපට පුරුදු වෙන්න වෙනවා. එහෙත් අපි රට විවෘත කරද්දී පරිස්සම් වෙන්න ඕනෑ.

2021 ජනවාරි 20 දක්වා මේ නියමු ව්‍යාපෘතිය පවත්වනවා. ඊළඟට අපි සෞඛ්‍ය අංශත්, සංචාරක අධිකාරියත් සමඟ සාකච්ඡා කරලා අඩුපාඩු වූ තැන් නිවැරදි කර ගනිමින් සංචාරක කර්මාන්තය නැවත ආරම්භ කරනවා. නිල වශයෙන් එය පසුව දැනුම් දෙනවා.

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් ගෙන්වන වැඩපිළිවෙළ ඒ අයුරින්ම සිද්ධ වෙනවා. ඔවුන් ආපු ගමන්ම පී.සී.ආර්. පරීක්ෂණයක් කරනවා. ඔවුන් යළි සමාජයත් සමඟ ගැටෙන නිසා ඒ ක්‍රමවේදය වෙනස්. සංචාරකයන්ට ආපු ගමන් පී.සී.ආර්. කරලා දින 5-7 ත් අතර යළි පී.සී.ආර්. එකක් කරනවා. ඒ කාලසීමාව තුළ Bio තාක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරමින් සංචාරක ස්ථානවලට යන වැඩපිළිවෙළ සූදානම් කරලා තියෙනවා. ලංකාවේ සංචාරක මඟපෙන්වන්නන් මේ සඳහා අනිවාර්යයෙන් යොදා ගන්නවා.

අපි ආරම්භයේ ඉඳන්ම සංචාරක අධිකාරියේ අරමුදල් මිලියන 18500 ක් වෙන් කළා සංචාරක ව්‍යාපාරයේ නියුතු අයට දීමනාවක් වශයෙන් ලබාදීමට. යළි හෝටල් හා සංචාරක ආයතන පටන් ගැනීමට අවශ්‍ය ප්‍රාග්ධනයක් ලබාදීමට ද රජය මේ වනවිට අවධානය යොමු කරගෙන යනවා. විදේශයන්හි සිට එන ලාංකිකයෝ පෙළක් අය කැමතියි මුදල් ගෙවලා හෝටල්වල නිරෝධායනය වෙන්න. එහෙම බැරි අයට හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල 10,000 කටත් අධික පිරිසක් ඉන්නවා. ඒ අනුව දවසකට පාලනය කරන්න පුළුවන් ප්‍රමාණය ගේන්න කියලා කියන්නෙ. තවත් තිස් දහසක් විතර එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අපි පැහැදිලිවම එංගලන්තයෙන් සංචාරකයන් ගෙන්වීම නවතා තියෙන්නෙ. අපි ඒ බව අදාළ රටවල්වලින් ගෙන්වන සංචාරක ආයතනවලට දැනුම් දීලා තියෙනවා.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...