[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

වල් ඌරට ඇදපු විදුලි රැහැනකට වල් අලියෙක් අහුවෙලා

-

Spread the love

වගාවට හානි කරන වල් ඌරා මර්දනය කිරීම සඳහා පුද්ගලික ඉඩමකට දමන ලද විදුලි රැහැනක ගැටී වයස අවුරුදු 20 ක පමණ වන අලියෙකු මිය යාමේ පුවතක් පොල්පිතිගම පොතුවිල ග්‍රාම නිලධාරී වසමෙන් වාර්තා වෙයි.

අදාළ සිද්ධිය 27 දින රාත්‍රියේ සිදුව ඇති අතර , මළකුණ ඊයේ (29) පෙරවරුවේ  ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබ ඇත .

අදාළ සිද්ධිය සම්බන්ධව පොල්පිතිගම පොලීසිය විසින් පරීක්ෂණ කටයුතු මෙහෙයවා අදාළ  ඉඩමෙහි හිමිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු පොල්පිතිගම පොලිසිය විසින් සිදුකරනු ලබයි .

ඊයේ (29) පෙරවරුවේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව, වන අලියා විදුලි සැර වැදීම නිසා මියගොස් ඇති බවට තහවුරු වී ඇති බව හේරත්ගම වනජීවී අඩවි ආරක්ෂණ නිලධාරී ගාමිණී බණ්ඩාර මහතා සඳහන් කළේය.

විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ මැදිහත්වීමෙන් වන අලියාට පාංශුකූල ආගමික වතාවත් සිදු කොට ඇති අතර, අවසන් කටයුතු කිරීමට අදාළ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සම්බන්ධ වී තිබේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...