Thursday, April 25, 2024
HomeMain newsඔන්ලයින් ක්‍රමයට අද සිට පාස්පෝට්

ඔන්ලයින් ක්‍රමයට අද සිට පාස්පෝට්

-ජනක බලල්ල-

ඔන්ලයින්  ක්‍රමයට (මාර්ග ගත) විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රමවේදය අද (15) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙහි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ එක්දින සේවය මගින් මේ වනතෙක් රුපියල් 20,000කට ලබා ගත් විදෙස් ගමන් බලපත්‍ර වෙනුවට අද සිට රුපියල් 15,000ක මුදලකට දින තුනකින් අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ලබා දීමට කටයුතු සලසා ඇති බවයි. තවද, රුපියල් 5000ක් ලබා ගෙන මෙම ක්‍රමය යටතේ දින 14කින් තම විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රුපියල් 20,000ක් ගෙවා එක් දිනකින් විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකිව තිබූ එක්දින සේවය තවමත් ක්‍රියාත්මකයි.

මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයැදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, මීරිගම සහ ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අක්මීමන සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද,

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සහ දෙවි නුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සහ තිස්සමහාරාමය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, කුරුවිට සහ ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, කුණ්ඩසාලේ සහ පූජාපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද,

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
මොනරාල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව සහ හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරළෙයි පත්තු (වාලච්චේනයි) සහ කාත්තන්කුඩි යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි සහ පේදුරු තුඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද
මන්නාරම දිස්ත්‍රික්කයේ මන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

වව්නියාව දිස්ත්‍රික්කයේ මොංගල සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද
මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිවී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

ඇඟිලි සටහන් ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments