[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ඔන්ලයින් මියුසිකල් ෂෝ එකෙන් ලෙබනන් තානාපතිනියගේ පටි රෝල් [Video]

-

Spread the love

(ජනක බලල්ල)

ලෙබනන් හි ”ඔන්ලයින් සාජ්ජේ” නමින් අද (16) පවත්වන සංගීත වැඩසටහනක් හේතුවෙන් එරට ශ්‍රී ලාංකා තානාපතිනිය පිළිබඳ දැඩි කළකිරීමට පත් ව සිටින බව ලෙබනන් හි ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ පවසති.

මෙම සංගීත වැඩසටහන ලෙබනන් තානාපතිනී කල්‍යාණරත්න මහත්මියගේ සංකල්පයක් මත සිදුවන බවට ඔවුහු චෝදනා කරති.

මේ පිළිබඳ සමාජ ජාල ඔස්සේ මේ දිනවල හුවමාරු වූ බැනරයකි මේ.

කොරෝනා වසංගතයේ බලපෑමෙන් ලෙබනන් හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසකයන් හට උන්හිටි තැන් පවා අහිමි ව තිබිය දී මෙලෙස සංගීත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ එම අප්‍රසාදය මතුව තිබේ. ඔවුන් සඳහන් කරන්නේ, මීට පැය කිහිපයකට පෙර ද තවත් කාන්තී නම් ශ්‍රී ලාංකික කාන්තාවක් කොවිඩ් 19 හේතුවෙන් මිය ගිය පසුබිමක මෙවන් විනෝද වැඩසටහනක් පැවැත්වීම සමස්ත ශ්‍රී ලාංකිකයන් හට ම කරන නිගාවක් බව යි.

ලෙබනන් හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වනවිට බොහෝ අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බවට දිගින් දිගටම වාර්තා වන අතර, පසුගිය දා ඔවුන් ජනාධිපතිවරයා ට ද මෙලෙස තම දුක්ගැනැවිල්ල පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කර තිබිණි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...