Spread the love

(ජනක බලල්ල)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 26වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේත්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙයි.

ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ මෙරට අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස පත් වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන්නේ 6වැනි වතාවට වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් රට බරපතල ව්‍යාකූල තත්ත්වයක් යටතේ පවතින අවස්ථාවක ජනතාව රාජපක්ෂවරුන් ප්‍රමුඛ පාලනය ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක එකතු මන්ත්‍රී ධුරයක් නොලැබූ එක්සත් ජාතික පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂ පවුලේ සමීපතමයකු වීම ද විශේෂත්වයකි.

මාසයකට වැඩි කලක් තිස්සේ මෙරට නිර්පාක්ෂික තරුණ කණ්ඩායම් පුරා වෙසෙන ප්‍රගතිශිලී ජනතාව සමග එක්ව ජීවිත පූජා කරමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුව පලවා හැර ලබා ගත් ජනතා ජයග්‍රහණය ඵලදායී ලෙස භාවිත කරමින් තම ධුරයේ කටයුතු කිරීම රනිල් වික්‍රමසිංහ මහතාට පැවරෙන ප්‍රධාන වගකීම ද වනු ඇති.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථා…

1993 -1994

2002 – 2004

2015 ජනවාරි 09 මාස කිහිපයකට

2015 – 2018

2018 – 2020