[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ප්‍රතික්ෂේප වූ වීන කාබනික පොහොර හොර පාරෙන් වෙළඳපොළට එන හැටි [වීඩියෝ]

-

Spread the love

-කුමාරී රත්නායක-

සාම්පල පරීක්ෂාවෙන් මෙරට භාවිතයට නුසුදුසු බවට නිරේදේශ කළ වීනයේ නිෂ්පාදිත කාබනික පොහොර තොගයක් හොර පාරෙන් වෙළඳපොළට නිකුත් කර ගොවීන්ට ලබා දීමට ආණ්ඩුව සැලසුම් මේ වනවිට කරමින් සිටින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහාතා ඇතුළු පිරිසකගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් මෙම පොහොර සුදුසු බවට නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇති බවයි.

වීනයේ නිෂ්පාදිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් 98,000ක් මෙරටට ආනයනය කිරීමට පසුගිය දා ආණ්ඩුව තීරණය කර ඇත. ආනයනයට පෙර මෙරටට එවූ එම පොහොර තොගයේ සාම්පලය භාවිතයට නුසුදුසු බවට සහතික කරමින් මෙරට දී ප්‍රතික්ෂේප වී ඇත.

එහෙත් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා එම පොහොර සුදුසු බවට නිර්දේශයක් ලබාගෙන මෙරට ගොවීන්ට බෙදාහැරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා මෙහි දී අනාවරණය කළේය.

එසේ වුවත් එවැනි නිර්දේශයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට තනිව ලබාදිය නොහැකි බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

ඒ සඳහා සත්ත්ව හා ශාක නිරෝධායන පනත් සෘජුව බලපාන බැවින්, එම පනත් අයත් ආයතන දෙකෙහි නිසි බලධාරීන්ගේද අනුමැතිය තිබිය යුතු ඇත.

එහෙත් සත්ත්ව නිරෝධායන පනන අයත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ ශාක නිරෝධායන පනත අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊට සම්බන්ධ නොමැති බව ද ඒ මහතා අවධාරණය කරයි.

මේ වනවිට එම රාජ්‍ය ආයතනවලට ආණ්ඩුව බලපෑම් කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි.

මේ වනවිට රජයේ ඉහළ තනතුරු හොබවන පුද්ගලයන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් කටයුතු කළ විශේෂඥ වෛද්‍යවරු වරින් වර ඉල්ලා අස්වී ඇත. ඊට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඉල්ලා අස්වී ඇත. පසුගිය දා වී අළෙවි මණ්ඩලයේ සභාපතිවරයා ද ඉල්ලා අස්වී ඇත.

කෙසේ වෙතත් රටේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ හඬට ඇහුම්කන් නොදී, හදිසි නීතිය යොදාගෙන  මිලිටරි පාලනයක් කරා ගමන් කිරීම මාතෘ භූමියටත් රටේ ජනතාවටත් විශාල බලපෑමක් බව වැඩිදුරටත් පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා, ඉදිරියේදී රට සාගතයක් කරා රැගෙන නොගොස් ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දියයුතු බවට ආණ්ඩුවට බලකරන බව පවසයි.

ඒ හා සම්බන්ධ වීඩියෝව මෙතනින් >>>

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...