[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බුවනෙක ගොඩනැගිල්ල කඩා දැම්මේ ඇමැති ජොනීගෙ, අගමැති මහින්දගෙ අනුදැනුමෙන්? – නාමල් කරුණාරත්න

-

Spread the love

-ජනක බලල්ල-

කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති බුවනෙක ගොඩනැගිල්ල කඩාබිඳ දැමීම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සහ ඇමැති ජොන්ස්ටන්ගේ අනුදැනුම පිට, උපදෙස් සහිතව සිදු කළේද යන සැකය මතුවන බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක නාමල් කරුණාරත්න පවසයි.
නගරාධිපතිවරයාට තනිව මෙවැනි දෙයක් සිදුකිරීමට නොහැකි බව පෙන්වා දෙන නාමල් කරුණාරත්න මහතා පවසන්නේ ජොන්ස්ටන් ඇමැතිවරයාගේ ප්‍රකාශ සහ අගමැතිවරයාගේ ප්‍රකාශ දෙස බලද්දී ඔවුන්ගේ මෙම ක්‍රියාවට සම්බන්ධයක් තිබෙන බවට සැක මතුවන බවයි.
එහෙත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ම මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය විනාශ කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත්කළ අතර, එහි එක් නිලධාරියෙක් අගමැතිවරයා අපහසුතාවට පත්වන වාර්තාවක් නිකුත් නොකරන ලෙස කමිටු සාමාජිකයන්ට බලපෑම් කර ඇති බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.
මෙම සිද්ධියට විරුද්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තමා පැමිණිලි කළත් එම පැමිණිලි දෙකම තවමත් ක්‍රියාත්මක නොකිරීමත් සමග මෙයට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලකයන්ගේ බලපෑමක් ඇති බව පැහැදිළි වන බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.
තමන් මෙම සිද්ධියට මැදිහත් වුණේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් වොයිස්කට් දෙන්නට නොවන බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙම සිද්ධියේ වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන තුරු දිවිහිමියෙන් සටන් කරන බවයි.
එහිදී අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා…

මේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා බිඳදාන අවස්ථාවේ දී ම අපි දැනුවත් වුණා. පැය කිහිපයකින් අපි එතනට ඇවිත් මැතිහත්වීමක් කෙරුවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කතා කෙරුවා. උද්ගෝෂණයක් සංවිධානය කෙරුවා. මහජන පෙත්සමක් අස්සන් කෙරුවා. මහජනතාව දැන්වත් කෙරුවා. ඊළඟට කුරුණෑගල පොලිසියට ගිහිල්ලා මගේ නමින්ම පැමිණිල්ලක් භාර දුනා මේ අය අත්අඩංගුවට ගන්න කියලා. එතනිනුත් අපි නතර වුණේ නැහැ.
ඊට අදාළ විද්වත් පාර්ශ්වයන්, හාමුදුරුවෝ හමුවෙලා ඒගොල්ල එක්ක වෙනම සාකච්ඡා කෙරුවා. එතනින් නතර වුණෙත් නෑ. පහුගිය 29 වෙනිදා කොළඹ අභියාචනාධිකරණයේ අපි නඩු අංක 193 යටතේ නඩුවක් ෆයිල් කෙරුවා.
ඒකෙන් අපි ඉල්ලන්නේ මේකයි. ජනාධිපති අගමැති ඉන්න මැතිවරණ වේදිකාවෙත් ඉන්නවා. ආණ්ඩු පක්ෂෙ ප්‍රධාන සංවිධායක කැබිනට් ඇමැති ජොන්ස්ටන්ගේ වේදිකාවෙත් ඉන්නවා. ඇතුළේ ඉන්න ඕනෑ අය දේශපාලන වේදිකාවල ඉන්නවා. ඒ නිසා වහාම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමයි අපි අභියාචනාධිකරණයෙන් ඉල්ලු‍වේ.
මේක බුවනෙකබාහුට අයිතිද නැද්ද කියන එක නෙමෙයි මේකේ කාරණය. පුරාවිද්‍යා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඔහුගේ සැර දැන් බාල වෙලා තිබුණට, ‘වැඩි බරකින් ඔහු මුලින්ම කිව්වේ මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන ස්ථානයක් කියලා. ඒ වාගේම තමයි. නගරාධිපතිවරයාට ලිඛිතව පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා දැනුම්දීලා තියෙනවා මේක පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් කියලා.
ඒ වගේම තමයි. නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් 2014 අවුරුද්දෙ කුරුණෑගල නගර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරිපත් කළ අවස්ථාවේ නගරයේ සංරක්ෂණය කළ යුතු ස්ථාන 10ක් නම්කරනවා. ඒ දහය ඇතුළේ 6 වැනියට තිබෙන්නේ මේ ගොඩනැගිල්ල.
අපි හමුවුණා පාදෙනිය නායක හාමුදුරුවෝ. උන්වහන්නේ මතුකරනවා මෙකේ ඉතිහාසයට අදාළ කරුණු.
ඒ මොක වුණත් අවුරුදු 100කට වඩා පරණ කිසිම ඉදිකිරීමක් අවසරයකින් තොරව විනාශ කරන්න බෑ. 1815 මාර්තු 02ට පෙර ලංකාව තුළ ඉදිකරන ලද ඕනෑම දෙයක් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත දෙයක් බවට පුරාවිද්‍යා පනතේ සඳහන් වෙනවා. ඒ නිසා මේක ගැසට් කරන්න අවශ්‍ය නෑ.
ඊළඟට මේකේ කැණිම් කරනකොට හම්බවෙලා තියෙනවා ගල්වලින් කරවපු පෞරාණික කාණු පද්ධතියක්. දැනුත් ඒත දකින්න තියෙනවා. ඒක ඊයේ පෙරේදා හදපු එකක් නෙමෙයි. දැනටත් රජකාලේ හදපු ඒ කාණු පද්ධතිය මෙතෙන තියෙනවා. ඊළඟට බැලූ බැල්මටම මේ ගොඩනැගිල්ලේ ඉදිරිපස කණු, ඒවාට යොදලා තියෙන කැටයම් බලපුවාම මේකේ පෞරාණික බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මොනවා වුණත් මේක පුරාවිද්‍යා වටිනාකමක් තිබෙන තැනක් බව තහවුරු වෙලා ඉවරයි.
දැන් මේක බුවනෙකබාහු කාලේ හදපු එකක් නෙමෙයි. පස්සේ හදපු එකක් වශයෙන් ඒ සංවාදය නෙමෙයි තියාගන්න ඕනෑ.
දැන් තියාගන්න ඕනෑ කිසිම තැනකින් අවසරයක් නැතුවමහ රෑ හඳ පානේ මොකටද මේක කැඩුවේ කියන එක හොයාගන්ඩ.
ඒ විතරක් නෙමෙයි ඔය නගරාධිපතිවරයම 2018දි ඔය ගොඩනැගිල්ල පවරා ගනිද්දි ප්‍රකාශ කරනවා මේ ස්ථානය පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති තැනක්. ඒක තමයි බාර් එකක් දාලා කාමර කුලියට දෙන තැනක් බවට පත්කරලා කිළිටි තැනක් කරලා ඔහුගෙ ෆෙස්බුක් එකවුන්ට් එකේ සඳහන් කරනවා. එතකොට මේක පවරාගනිද්දිම පිළිගන්නවා මේක වටිනාකමක් ඇති පෞරාණික තැනක් කියලා. ඒ නගරාධිපතිම තමයි දැන් තමන් කරපු වැරැද්ද වහගන්න මේ එක එක දෙවල් කියන්නේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...