[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

“බුවනෙක නඩුවේ“ වියදම් නගර සභා මුදලින් ගෙවීමට අනුමැතිය දුන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නවා

-

Spread the love

-ජනක බලල්ල-

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ නියෝගයක් මත සිදුකළ කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළ නඩු කටයුත්ත වෙනුවෙන් යන වියදම් නගරසභා මුදල්වලින් පියවීමට කළ යෝජනාව ඊයේ(17) සම්මත කළ කුරුණෑගල නාගරික මන්ත්‍රීවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

අද (18) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවක දී නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.

ඊයේ(17) පැවැති සභා වාරයේ දී නගරාධිපති ඇතුළු අදාළ නඩුවේ චූදිතයන් වෙනුවෙන් නීතීඥ ගාස්තු සහ උපදේශන ගාස්තු වශයෙන් රුපියල් විසි එක් ලක්ෂ අසූ දහසක(රු2,180,000) මුදලක් නගරසභා මුදලින් ගෙවීමට නියෝජ්‍ය නගරාධිපති සුමිත් උඩුකුඹුර මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කරගැනීමට නාගරික මන්ත්‍රීවරු 13 දෙනෙකු සහාය පලකර ඇත.

නාමල් කරුණාරත්න මහාතා මෙහි දී පෙන්වා දුන්නේ බුවනෙක රාජ සභාව ඩෝසර් කිරීම නගරසභාව විසින් සිදුකරන ලද්දක් නොවන අතර, එය තුෂාර සංජීව විතාරණ යන පුද්ගලයාගේ හිතුමනාපයට කළ කටයුත්තක් බවයි. එසේම එකී ඩෝසර් කිරීමට නාගරික කොමසාරිස්වරයා අවසර දීමක් හෝ අනුමැතිය ලබා දීමක් සිදුකර නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.

එම නිසා පුද්ගලයකු විසින් කරන ලද සිද්ධියකට ජනතා මුදල්වලින් නඩු ගාස්තු ගෙවීම නීති විරෝධි බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙය නගර සභාව විසින් කරන ලද ක්‍රියාකාරකමක්නම් එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්නේනම් ඒ සඳහා ජනතා මුදල් යෙදවීමේ නීතිමය බාධාවක් නොමැති බවයි. එහෙත් මෙහි එවැනි කිසිදු ජනතාවාදී කටයුත්තක් සිදුව නොමැති නිසා ජනතා මුදල් භාවිත කිරීම නීති විරෝධි බව ඒ මහතා පෙන්වා දෙයි.

මෙහි දී ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමතරව එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් වන වරුණ ප්‍රේමරත්න, බුද්ධික ඇල්ලෙපොල, සෙල්වනායගනී, විජනානන්ද වෙඩිසිංහ යන මන්ත්‍රීවරුන් ද මීට සහාය දක්වා අත උස්සා ඇති බවයි.

රටේ ආන්දෝලනාත්මක නීති විරෝධි මෙම කටයුත්තට විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු ලෙස සහාය දැක්වීම පිටුපස යම් නොපෙනන බලපෑමක් ඇතිදැයි නාමල් කරුණාරත්න මහතා විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ය. ඒ සඳහා ඔවුන්ට නගරාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමෙන් යම් සන්තෝසමක් ලැබුණාද, එසේත් නැත්නම් ඔවුන්ට තර්ජනය කර මෙලෙස කැමැත්ත ලබා ගත්තා ද යන්න පිළිබඳ කුතුහලක් ඇති බව ද ඒ මහතා පැවසීය.

මෙහි දී ඩිල්ශාන් තාරක ලිවේරා (එජාප) මන්ත්‍රීවරයා නිහඩව සිටි අතර, ඔහු අදාළ මුදල් කමිටුවේ දී මෙම ගෙවීම අනුමත කිරීමට සහාය පලකර ඇත.

ඊට අමතරව රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ මන්ත්‍රීවරයා සහ හිටපු ඇමැති අශෝක් අබේසිංහ අමාත්‍යවරයාගේ බිරිඳ වන විශාකා අබේසිංහ මන්ත්‍රීවරිය ද සභාවට නොපැමිණ මෙයට වක්‍රාකාරව සහාය දුන් බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ මාධ්‍ය හමුවට කුරුණෑගල ප්‍රාදේශිය සභා මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක,  නීතීඥ සරත් කරුණාතිලක යන මහත්වරු ද සහභාගී වී සිටියහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...