[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

යහපාලනයෙන් අතරමඟ නැවතුණු මීමුරේ පාරේ වැඩ ජොන්ස්ටන් යළි අරඹයි

-

Spread the love

(ජනක බලල්ල)

දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි වශයෙන් දිනාගෙන ඇති මීමුරේ ගම්මානයට ප්‍රවේශ වීමට ඇති මාර්ගයේ හුන්නස්ගිරිය කෝබට්ස් ගැප් සිට මීමුරේ දක්වා වූ මාර්ග කොටස සංවර්ධනය කිරීම අද 2021 ජනවාරි 17 වන දින මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 13 ක් වන අතර මේ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 235 කි. මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යට‍තේ NEM කොන්ත්‍රාත් සමාගම විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

‘රට හදන සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහාමාර්ග අමාත්‍යංශයේ හා මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු අධීක්ෂණය යටතේ පරිසර පද්ධතියට හා එහි ස්වාභාවික සුන්දරත්වයට හානි නොවන ලෙස මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මීමුරේ වැසියන් කාලයක් තිස්සේ මෙම මාර්ගය සංවර්ධනය කරන දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය සංවර්ධනය සිදුකරන බවට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඩුගල්ල, මාර්ග සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් භාර අධ්‍යක්ෂ විජයපාල, ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...