[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

රත්තරන් කිලෝ 30ක් පෙන්නලා කෝටි 27කට විදින්න ගිය කාන්තාවක් ඇතුළු 6ක් කුරුණෑගලින් මාට්ටු  

-

Spread the love

 (කුමාරි රත්නායක)

නිධානයකින් ලබාගත් රත්තරන් කිලෝ 30ක් අළෙවි කරන මුවාවෙන් රුපියල් කෝටි 27ක් සංවිධානාත්මකව වංචා කිරීමට තැත්කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මාර්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා බදාදා (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත භාරයට පත්වූයේ සනත් සුදර්ශන ප්‍රනාන්දු, මොහොමඩ් ෆාරික්, මනෝජ් අනුරුද්ධ පෙරේරා, උපාලි මහතුන්, ටානියා රොෂෙල් ද සිල්වා සහ කේ.ඒ. සමන් කුමාර යන කොළඹ, ගම්පහ ආදී ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ය.

නිධානයකින් ලබාගත් රත්තරන් කිලෝ 30ක් විකිණිමට ඇති බව කියා මෙම සැකකරුවන් ගැනුම්කරුවකු සොයා ඇති අතර, ඊට මැදිහත් වුුණු මාධ්‍යෙව්දියකු කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලක් මත කළ විමර්ශනයකින් අනතුරුව කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේ දී 16 දා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සඳහා උපාය ධුතයකු යොදවා ගනුදෙනුවට කැමැත්ත පලකර සැකකරුවන්ගෙන් වැඩිදුරටත් තොරතුරු ලබා ගැනීමට පොලිසිය කටයුතු කර ඇත. මෙහි දී නිධානයකින් ලබා ගත් රත්තරන් බව පවසන රත්තරන් තොගයක වීඩියෝ දර්ශනයක් වට්ස්ඇප් අංකයක් ඔස්සේ සැකකරුවන් විසින් උපාය ධුතයා වෙත ලබා දෙනු ලැබ ඇති අතර, එක් රත්තරන් කිලෝවක් රුපියල් ලක්ෂ අනූව බැගින් වූ රත්තරන් කිලෝ 30ක් මෙලෙස විකිණිමට ඇති බව ද පවසනු ලැබ ඇත.

ගැනුම්කරු ලෙස පෙනී සිටි උපාය ධුතයා පොලිසියේ උපදෙස් මත රත්තරන් තොගයේ මුළු වටිනාකම වන රුපියල් කෝටි 27ක මුදල ලබා දී රත්තරන් තොගය මිලට ගැනීමට කැමැත්ත පලකිරීමෙන් අනතුරුව සැකකරුවන් විසින් ගැනුම්කරුට යෝජනා කරනු ලැබ ඇත්තේ අදාළ මුදල රුපියල් පන්දහසේ නෝට්ටුවලින් බැංකුවකින් ලබා ගන්නා ලෙසයි. එම මුදල් සත්‍ය ඒවා බවට සත්‍යාපනය කිරීමට වීඩියෝ දර්ශනයක් එවිය යුතු බවටද සැකකරුවන් ගැනුම්කරුට දන්වා ඇත.

පෙර සැලසුමක් මත පොලිසිය සමග එක්ව ගැනුම්කරු ලෙස පෙනී සිටි තැනැත්තා සැකකරුවන් පැවසූ අයුරින් ම පුද්ගලික බැංකුවකින් මුදල් තොගයක වීඩියෝ දරුශනයක් ලබා ගෙන එය සැකකරුවන්ට ලැබෙන්නට සලස්වා ඇත. අනතුරුව සැකකරුවන් විසින් පැමිණිකරුට පවසනු ලැබ ඇත්තේ මුදල් බෑගය ද සමග කුරුණෑගල වැවරවුම ප්‍රදේශයට පැමිණෙන ලෙස ය.

පැමිණිලිකරු ගනුදෙනුව සඳහා පොලිසිය ද දැනුවත් කර කුරුණෑගල වැවරවුම ප්‍රදේශයට ගොස් ඇති අතර, සැකකරුවන් පැමිණ ගනුදෙනුව සිදුකිරීමට යන මුවාවෙන් පැමිණිලිකරු සන්තකයේ තිබූ මුදල් බෑගය කොල්ල කා පලා යෑමට තැත් කර තිබේ. ඒ අවස්ථාවේ දී ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන් සංවිධානාත්මකව එක්ව නිධානයකින් ලබා ගත් රත්තරන් ඇති බව පවසා ධනවතුන් රවටා මෙලෙස මුදල් වංචා සිදුකරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. සිද්ධිය මෙහෙයවන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි විජය බණ්ඩාර ඉලංගකෝන් සහ ප්‍රියංකර ඩයස් යන නීතීඥවරුන් ඇප අයැද සිටිය ද, වරදේ බරපතලකම සහ විමර්ශන අවසන් නැති බවට පොලිසිය කළ දැනුම්දීම ද සලකා බලා සැකකරුවන් මාර්තු 03 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ නියෝගයෙන්, කුරුණෑගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් මත, කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාලක සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන්, පො.ප. අසේල ගුණතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබ ඇති අතර, පො.ප. සරත් සුමනවීර මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...