[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කුරුණෑගල මාලිගාපිටියට ජොනීගේ නම දැමීම ජොනීම ප්‍රතික්ෂේප කරලා

-

Spread the love

(ජනක බලල්ල)

දීර්ඝ ඉතිහාසයක් ඇති කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගනය ජොන්ස්ටන් ප්‍රනාන්දු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමට කුරුණෑගල මහා නගර සභාව ගත් සභා තීන්දුවට තමා ප්‍රතික්ෂේප කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍යවරයා මේ පිළිබඳ දන්වා යවා ඇත.

අමාත්‍යවරයා තම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ තමා වෙත කරන ගෞරවයක් ලෙස මෙම යෝජනාව දකින බවත්, ඊට සහාය දැක්වූ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට තමා ස්තුතිවන්ත වන බවත් ය. එහෙත් ඒ සඳහා තම නම යොදා නොගන්නා ලෙස අමාත්‍යවරයා නගරාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ලෙස මේ වනවිට සංවර්ධනය වෙමින් තිබෙන කුරුණෑගල මාලිගා පිටිය ක්‍රීඩාංගනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නමින් නම්කිරීමට පෙබරවාරි 10 දා පැවැති කුරුණෑගල මහා නගර සභා රැස්වීමේ දී යෝජනා වී ඇති අතර, එම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ. යෝජනාවට පක්ෂව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙන් ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද තම කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...