[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ලසන්තගේ ඝාතනයට වසර 12යි – ”යහපාලනයේ” සිටි මහත්වරු දුක් ගී ගයති

-

Spread the love

(ජනක බලල්ල)

රාජපක්ෂවරුන්ගේ පසුගිය පාලන සමයේ ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග‍ගේ 12 වැනි ගුණසමරුව අද ට (08) යෙදී තිබිණි.

එම අවස්ථාවට ලසන්තගේ පැරැණි දේශපාලන මිතුරන් රැසක් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. එහි දී හිටපු කථානායක කරූජයසුරිය මහතා ඇතුළු පිරිස ලසන්තගේ ස්මාරකයට ඉටි පන්දමක් දල්වා ගෞරවය දැක්වූ අයුරු ද දැකගත හැකි විය.

එහෙත් වෙනදා පැමිණෙන ලසන්තගේ දේශපාලන මිතුරන් අද සිටියේ නැත. ඒ ”කොවිඩ්-19” නිසා යැයි අපි සිතමු.

මොවුන් වසර ගණනක් තිස්සේ ලසන්තගේ ඝාතනය සිහි කරන්නේ ඔහුට සාධාරණයක් නොවූ බව නැවත නැවතත් සිහිපත් කරමිනි. එය 2008 සිට 2015 දක්වා රාජපක්ෂලාගේ කාලයේ දී ද සිදුවිය. 2015 සිට 2019 දක්වා ‘යහපාලන’ කාලයේ දී ද සිදුවිය. 2020 සිට යළි රාජපක්ෂලා බලයට ආ පසුව ද එය සිදු වේ. ඉදිරියටත් එසේ ම වනු ඇත.

එකම සිද්ධියකි. වෙනස් වන්නේ දිනය, මල්කළඹ සහ සොහොනට එන පුද්ගලයන් කිහිප දෙනෙකු පමණි.

රත්මලාන, අත්තිඩිය මහ මග තිබුණු ආයුධ භාවිත කර ලසන්ත ඝාතනය කරන්නේ 2008 ජනවාරි 08 වැනි දා ය.
රාජපක්ෂ පාලන සමයේ සිදු වූ ලසන්ත ඝාතනයෙන් වසර 7 සම්පූර්ණ වූ දිනය, එනම් 2015 ජනවාරි 08 ශ්‍රී ලංකා දේශපාලනයට පමණක් නොව සමස්ත රටටම සුවිශේෂ දිනයක් වනු ඇති බවට සිහින දුටුවෝ බොහෝ ය. ඒ අතර ජනමාධ්‍යකරුවෝ, සිවිල් සමාජ ක්‍රියාකාරීහු මෙන් ම යහපාලන මූලධර්ම ගරු කළ බොහෝ පිරිස් වූහ.

2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වන්නේ 2014 නොවැම්බර් 21 සිකුරාදා ය. එතැන් සිට 2015 ජනාධිපතිවරණය දක්වා ම මෛත්‍රී ජනපති කරවන, රනිල් හවුල් වේදිකාවේ ලසන්තට තිබුණේ සුවිශේෂ තැනකි.

ඒ වනවිට රාජපක්ෂ රෙජිමය එපා වී සිටි මාධ්‍යකරුවෝ මෙන් ම තවත් ප්‍රජාතන්ත්‍රයට ගරු කරන බොහොමයක් දෙනා රනිල්-මෛත්‍රී හවුල ගැන යම් විශ්වාසයක් තබා තිබිණි.

යම් යම් පියවර ගැණින. හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට පත්විය. එහෙත් අවසානයක් දක්වා එම පරීක්ෂණ මෙහෙයවන්නට ඔවුන් කටයුතු කළේ නැත. ඊට හේතුව බොහෝ අය නොදන්නවා ද නොවේ.

 

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...