[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කුරුණෑගල නගරාධිපති රට යන්න අධිකරණයෙන් අවසර පතයි

-

Spread the love

-ප්‍රසන්න කුමාර-

කුරුණෑගල ගරු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා විදෙස්ගත වීමට අවසර ලබා දෙන්නැයි කුරුණෑගල අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත. නීතීඥ සුදත් විජේවික්‍රම මහතා විසින් අද(18) පෙරවරුවේ මෙම අවසරය ඉල්ලනු ලැබ තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් නායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළත් නොවීමත් සමග ඒ මහතාට හිමි මහා මාර්ග ඇමැති ධූරය අහිමිව ගොස් අති අතර, ඔහුට හිමි කැබිනට් ඇමැති වරප්‍රසාද ඉවත්ව ගොස් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වීමත් තුෂාර සංජීව මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධාන ගෝලයකු වීමත් මෙම විදෙස්ගතවීම කෙරෙහි බලපා ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඉල්ලීම ප්‍රතිස්ෂේප කරමින් දන්වා ඇත්තේ මෙම ඉල්ලීම අභියාචනාධිකරණයට යොමුකළ යුත්තක් බවයි.

සුදත් විජේවික්‍රම මහතා කුරුණෑගල මහ නගර සභාවේ නීතීඥ මණ්ඩලයේ සාමාජිකයකු වන අතර, ඔහු කුරුණෑගල නීතීඥ සංගමයේ සභාපතිවරයාද වේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...