[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

කුරුණෑගල බුලත් විට කෙළ ගැහුවොත් වැඩ වරදී

-

Spread the love

කුරුණෑගල නගරය අපවිත්‍ර වන අන්දමින් බුලත් විට සපා කෙළ ගසන්නන් හට නීතිමය පියවර ගන්නා බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා තීරණය කර ඇත.

අදාළ තීරණය අද(11) දින සිට ක්‍රියාත්මක කෙරේ. විෂබීජ පරිසරයට එකතුවීමෙන් කොවිඩ්-19 වසංගතය තවදුරටත් පැතිරයෑමේ අවදානම් තත්ත්වය ගැන සලකා නගරාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

අද පැවැති මාධ්‍ය හමුවක දී නගරාධිපතිවරයා මේ පිළිබඳ පවසා ඇත.

මෙලෙස බුලත් විට සපා කෙළ ගසන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 20000ක් දක්වා වූ දඩ මුදලක් නියම කිරීමට ද පළාත් පාලන පනතේ ඇති බලතල ප්‍රකාරව අධිකරණයට හැකියාව පවතින බව නගරාධිපතිවරයා පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් කුරුණෑගල නගරයේ දිර්ඝ කාලයක් තිස්සේ බුලත් විට විකිණීම තම ජීවනෝපාය කරගෙන සිටින බොහෝ පිරිසක් වේ. ඉන් වැඩි පිරිසක් කුරුණෑගල නගරයට ආසන්නව පදිංචිව සිටින වයස්ගත කාන්තාවන් ය.

වත්මන් නගරාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු නගර අලංකරණයට මුල් තැන දී කටයුතු කරයි.  එමනිසා නගරයේ මංමාවත්වල අනවසරෙන් බුලත් විට තට්ටු පවතාවාගෙන යන්නන් ඉවත් කිරීමට ඔහු මින් ඉහත දී ද උත්සාහ කර ඇත.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...