[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

9වැනි දා සිද්ධියට 1500ක් අත්අඩංගුවට ගත්තත් ජොන්ස්ටන් තවම නිදැල්ලේ

-

Spread the love

(ප්‍රසන්න ඉන්දික)

ඉකුත් 09 වැනි දා සිදුවූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් මේ දක්වා පුද්ගලයන් 1,500 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 152කු අත්අඩංගුවට ගෙන ඇති බව ය.

කෙසේ වෙතත් එදින ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට පහර දීමට අරලියගහ මන්දිරයේ සිට පිරිස් උසිගන්වා එවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ප්‍රධාන පුද්ගලයා වන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඉහත අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් 1500න් බහුතරයක් එදින රට පුරා සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉකුත් මීද දින 5කට පෙර හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට දන්වා තිබුණු බවට ප්‍රවෘත්ති පලවුණත් මේ වනතෙක් පොලිසියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබීම විශේෂත්වයකි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...