[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

මහා මාර්ග ඇමැති මහා මාර්ගයක වැඩ අල්ලයි

-

Spread the love

-ඉන්දික ප්‍රසාද්-

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(13) සිය ධූරයේ වැඩ භාරගත්තේය.

අමාත්‍යවරයා නව අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළේ කුරුණෑගල නගරයේ මහා මාර්ගයක සිට වීම විශේෂත්වයකි.

මෙහි දී කුරුණෑගල කුරුණෑගල මලියදෙව විද්‍යාලය ඉදිරිපිට මීගමුව ප්‍රධාන මාර්ගයේ සිට පුත්තලම මාර්ගය දක්වා ඇති වජිරඥාන මාර්ගයේ වැඩ ආරම්භ කිරීම සහ මීගමුව ප්‍රධාන මාර්ගය හරහා මලියදෙව විද්‍යාලයට උමං මාර්ගයක් සැකසීමට මුල්ගල තැබිණි.

මේ අවස්ථාවට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට සහාය දක්වන විශාල පිරිසක් පැමිණ සිටි අතර අමාත්‍යවරයා ඔවුන් අමතා පවසා සිටියේ තම ධුර කාලය තුළ ඉදිරියේ දී පත්වන අයකුට ඉතිරි නොකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු මාර්ග සකසා අවසන් කරන බවයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාමාර්ග අමාත්‍යවරයා….

වැඩ කරන්න අපේ ජනතාව ඡන්දය දුන්නෙ. ප්‍රායෝගික ජනාධිපති කෙනෙක් ඉන්නෙ. සීත කාමර වලින් එළියට ඇවිල්ලා වැඩ කරන්න ඕනි. කිලෝමීටර් ලක්ෂයක ඉල්ලක්කය කරා යනවා. පාරවල්වල ප්‍රශ්න අවුරුදු පහකින් විසඳනවා. මුලක් නැති අදිවේගී මර්ගයක් පහුගිය ආණ්ඩුව හැදුවා. කුරුණෑගල මීරිගම කොටස මාස 6කින්. සම්පූර්ණ අධිවේගී මාර්ගය වසර 4කින්. ඉතිහාසගත ජයක්.

මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර මොහමඩ් මුසම්මිල්, අභිනවයෙන් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූකේ සුමිත්, සමන්ප්‍රිය හේරත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...