[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

මහජන හර්තාලය රට පුරා

-

Spread the love

(ප්‍රසන්න කුමාර)

‘ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනු’ මැයෙන්  රාජපක්ෂවරුට සහ ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන බල කරමින් අද (06) දිවයින පුරා ‘හර්තාල්’ ව්‍යාපරයක් පැවැත්වේ. ඒ රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දෙදහසකට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙනි.

මෙරට මෙවැනි දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙන්නේ වසර 69කට පසුව ය. 1953 වසරේ දී කඩ සාප්පු වසා එවක පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබිණි.

එයින් වසර 69කට පසු 69 ලක්ෂයකින් ජනමතය පෙන්වූ රාජපක්ෂ පාලනයට එරෙහිව මෙලෙස සියලු පාර්ශ්ව එක්ව හර්තාලයක් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.

කොළඹ පැවැත්වෙන ප්‍රධාන හර්තාලයට සමගාමීව දිවයින පුරා අද ආණ්ඩු විරෝධි හර්තාලය ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් අද පැවැත්වෙන හර්තාලයෙන් පසුව රාජපක්ෂවරු ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්ව නොගියහොත් ලබන 11 දා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට වෘත්තීය සමිති ආණ්ඩුවට අනතුරු අඟවයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...