[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

-

Spread the love

(කුමාරි රත්නායක)

රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විවිධ කටකතා පැතිරෙමින් තිබෙන අවස්ථවක වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසන්නේ ඉදිරිපත් කිරීමට යෝජිත අතුරු සහන අයවැය මගින් සිදුවන්නේ ද සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩුකර ජනතාවට සහන ලබා දීම බවයි.

මේ අතර අත්‍යවශ්‍ය සේවයක් ලෙස සලකා සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුව ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

එහි ලේකම් එස්. ජේ. එස්. චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයක් අනුව රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා ඇතුළු දීමනා සම්බන්ධ‍යෙන් සීමාවන් පනවා ඇති බවයි.

එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු වෘත්තිකයන්ගේ සේවාව ඉතා හදිසි හා අත්‍යවශ්‍ය වන අතර එම කටයුතු කල් දැමීමට ‍හෝ නතර කිරීමට ‍නොහැකි බව සෞඛ්‍ය ලේකම්වරයා ලිපියක් මගින් අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ. සෞඛ්‍ය අමත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ, එම ලිපියේ ඇති කරුණු මුදල් අමාත්‍යංශය පිළිගෙන ඇති බවයි.

මීට අමතරව පසුගිය මාසයේ අතිකාල හා දීමනා කප්පාදුවකින් තොරව ලබාදීමට ද පියවර ගන්නා බව සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...