[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

ශ්‍රී ලංකාවට ණය සහන ලබාදීමට G-7 කණ්ඩායම සූදානම්

-

Spread the love

(ජනක බලල්ල)

ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහාය දීමට තීරණය කළ බව G7 හෙවත් ලෝක ආර්ථික බලවතුන් කණ්ඩායම සිය කෙටුම්පත් ප්‍රකාශයේදී සඳහන් කරයි.

ඊයේ(19) ජර්මනියේ පැවති රැස්වීමකදී එහි මූල්‍ය ප්‍රධානීන් මෙම තීරණයට එළැඹ ඇති අතර, ඒ ශ්‍රී ලංකාව ස්වෛරී ණය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමෙන් පසු පත්ව ඇති ආර්ථික අර්බුදය පිළිබඳ සලකමින් වීම විශේෂත්වයකි.

G7 රටවල් තම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම තත්ත්වයට දිගුකාලීන විසඳුම් සෙවීමට ඔවුන් කැපවී සිටින අතර, විභව ණය වැඩසටහනක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ”ඵලදායි ලෙස” සාකච්ඡා කළ යුතු බවයි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ සමාජ නොසන්සුන්තාවක් දවර්ධනය වෙමින් තිබෙන අතර, 1948 නිදහස දිනා ගැනීමෙන් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයට රට මුහුණ දෙමින් තිබෙන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.

@රොයිටර්

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...