[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වන වැඩපිළිවෙලක් තනනු

-

Spread the love

”එදා රට විරුවෝ අද මිනිස් බෝම්බ වෙලා”

”ලියාපදිංචි කරගන්නේ ටිකට්වලට සල්ලි තියෙනවද අහලයි”

”ප්‍රමුඛතාව දෙන්නේ මොන පදනමකටද?”

 

(ජනක බලල්ල)

රට රැකියාවල ට ගොස් කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් අසරණ ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා ලෙස රජය ට බල කරන විරෝධතාවක් 19 අඟහරුවාදා බත්තරමුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට දී පැවැත්විණි.

ප්‍රගතිශීීීීලී ස්ත්‍රී එකමුතුව ඇතුළු විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල සාමාජිකයන් එක් ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, ඔවුන් විසින් තම ගැටලු පිළිබඳ සවිස්තර ව සඳහන් කළ පෙත්සමක් ද කාර්යංශය වෙත භාර දෙන ලදී.

මෙරට ට පැමිණීම ට නොහැකි ව අසූ දහසක ට අධික ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් මැදපෙරදිග ඇතුළු රටවල සිර වී සිටින බව පවසන විරෝධතාකරුවෝ පෙන්වා දෙන්නේ ලංකාවට ගෙන්වා ගැනීමේ ලේඛනයට නම ඇතුළත් කරගැනීම ද කප්පන් ලබා ගන්නා ව්‍යාපාරයක් බව ට පත් ව ඇති බව යි. අසරණ ව සිටින ඔවුන් තානාපති කාර්යාලවල ට අමතා ඒම ලේඛනයේ ලියාපදිංචි වීමට ඉල්ලන විට, ගුවන් ටිකට්පත් සඳහා මුදල් ඇත්නම් පමණක් ලියාපදිංචි කර ගන්නා බව පවසන බව ට විරෝධතාකරුවෝ චෝදනා කරති.

මේ වනවිට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 300 දෙනෙකු පමණ කොවිඩ්-19 බලපෑමෙන් විදෙස් රටවල දී මිය ගොස් ඇති බවත්, ඉදිරියේ දී ඔවුන් මිය යන්නේ තම මානසික ආතතිය දරා ගැනීම ට නොහැකි ව සියදිවි නසාගැනීමෙන් බවත්, ඔවුහු පෙන්වා දෙති.

මෙහි දී විරෝධතාකරුවෝ රජයෙන් විමසා සිටියේ විදෙස්ගත ශ්‍රමිකයන් මෙරට ට ගෙන්වා ගැනීම සඳහා රජයේ ඇති වැඩපිළිවෙල කුමක් ද යන වග සහ එහි දී ප්‍රමුඛතාව ලබා දෙන්නේ කුමණ පදනමක් යටතේ ද යන වග රට හමුවේ ප්‍රකාශ කරන ලෙස යි.

මේ වනවිට බොහෝ ශ්‍රමිකයන්ගේ රැකියා ගිවිසුම් කාලය පවා අවසන් වී, එම රටවල ඔවුන් රැඳී සිටින්නේ අපහසුතා රැසක් විඳ දරාගනිමින් බව පෙන්වා දුන් විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා සිටියේ අඩු ම තරමින් ඔවුන් ලංකාව ට යන නිශ්චිත දිනයක් හෝ ඔවුන් ට දැනගැනීම ට ක්‍රමයක් සකස් කරන ලෙස යි.

අනතුරු සහිත බව දැන දැනත් යුක්රෙන් ජාතිකයන් මෙරටට ගෙන්වා ගෙන රටවටේ යෑම ට ඉඩ ලබා දී ඇති පසුබිමක විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට ට ගෙන්වා ගෙන ඔවුන් ඔවුන්ගේ නිවාස තුළ නිරෝධායනය ට යොමු කිරීම ට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ මන්දැ යි විරෝධතාකරුවෝ වැඩිදුරටත් විමසූහ.

රට විරුවෝ යැ යි කියූ පිරිස අද මිනිස් බෝම්බ ලෙස හැඳින්වීමට තරම් පාලකයෝ අමානුසික වී ඇති බව ද විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.හ

මෙම අවස්ථාව ට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසුරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ ඇතුළු ප්‍රගතිශිලී කාන්තා එකමුතුවේ සාමාජිකාවෝ පිිිිිිිරිසක් සහ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල ඥාතීහු සහභාගී වී සිටියහ.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...