[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

දෙවැනි සක්විති දම්මික අතපත්තු වහා අත්අඩංගුවට ගනු – කුරුණෑගල ඉයෝන් ලංකා තැම්පත්කරුවෝ වීථි බසිති

-

Spread the love

-ජනක බලල්ල-

ශ්‍රී ලංකා මහබැංකුවෙන් ලද නිසි බලපත්‍රයක් නොමැතිව රුපියල් කෝටි දහසකට අධික මහජන මුදලක් නීති විරෝධිව තැම්පතු ලෙස ලබාගෙන ඇති කුරුණෑගල ඉයෝන් ලංකා සමගාමට එරෙහිව පැවැත්වුණු විරෝධතාවක් 14 ඉරිදා කුරුණෑගල රණවිරු ස්මාරකය ඉදිරිපිට පැවැත්විණි.

අසාධාරණයට ලක්වූ ඉයෝන් ලංකා ගණුදෙනුකරුවන්ගේ සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබිණි.

දම්මික අතපත්තු නම් විශ්‍රාමික හමුදා නිලධාරියකු විසින් කුරුණෑගල බමුණුස්ස ප්‍රදේශයේ ඉයෝන් ලංකා නමින් පවත්වාගෙන යනු ලබන ආයතනයක් මගින් 2013 වසරේ සිට ගණුදෙනුකරුවන් 9449 දෙනෙකුගෙන් රුපියල් කෝටි 991 කට අධික මුදලක් මූල්‍යායතනයක් ලෙස පෙනී හිඳිමින් නීතී විරෝධිව තැම්පතු ලෙස එක්කොට තිබේ. මෙලෙස තැම්පත් කරන මුදල් සඳහා මෙම ආයතනය විසින් මාසිකව 6% පොලී ප්‍රතිශතයක් ලබා දෙනු ලැබීම හේතුවෙන් විශ්‍රාමික හමුදා නිලධාරීන්, රාජ්‍ය සේවකයන් ඇතුළු විශාල පිරිසක් මෙහි මුදල් තැම්පත් කිරීමට යොමුව තිබේ.

මෙලෙස භාර ගන්නා තැම්පතු වෙනුවෙන් අධික පොලියක් ආපසු ලබා දීම පිළිබඳ ලද මහජන පැමිණිලි මත මීට මාස 9කට පමණ පෙර ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධික්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ආයතනය පිළිබඳ පරීක්ෂණයක් සිදුකරනු ලැබ තිබුණු අතර, එහි දී හිළිව තිබුණේ තැම්පත්කරුවන්ගේම මුදල්වලින් මෙම ආයතනය තැම්පත්කරුවන්ට මාසිකව 6%ක පමණ අධික පොලියක් මෙලෙස ලබා දී තිබෙන බවයි. පොලී ලෙස තැම්පත්කරුවන්ට මාසිකව ලබා දෙන මුදල රුපියල් කෝටි 60කට අධික මුදලක් බවද විමර්ශනවලදී හෙළිව තිබේ.

සිදුකළ විමර්ශනය අතරතුර මහබැංකුව විසින් මෙම ආයතනයට මුදල් තැම්පතු භාරගැනීමට හෝ මුදල් සම්බන්ධ ව්‍යාපාරයක් සිදුකිරීමට කිසිදු නීත්‍යනූකූල බලයක් ලබා දී නොමැති බව නිවේදනය කෙරුණු අතර, තැම්පතු ලෙස භාරගෙන තිබූ රුපියල් කෝටි දහසක පමණ මුදල වෙනුවට සමාගම සතුව පවතින්නේ රුපියල් කෝටි 100ක පමණ වත්කම් පමණක් බව ද ශ්‍රී ලංකා මහබැංකුව විසින් හෙළි කරන ලදී.

තවද, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ඉයෝන් ලංකා මූල්‍ය ආයතනය මුද්‍රා තැබීමට කටයුතු කරන ලද අතර, එහි හිමිකරු වන දම්මික අතපත්තු යන අයට අයත් සියලු බැංකු ගිණුම්වල ගණුදෙනු අත්හිටුවීමට ද කටයුතු කෙරිණි.

තැම්පත් කළ මුදල්වලට ආරක්ෂාවක් නොමැති බව ඒත්තු යෑමෙන් පසු තැම්පත්කරුවෝ තම තැම්පතු ආපසු ලබා දෙන ලෙස ඉයෝන් ලංකා ආයතනයෙන් ඉල්ලා සිට ඇති අතර, ඔවුන් එම මුදල් ආපසු ගෙවීම පැහැර හැරීමත් සමග තැම්පත්කරුවෝ සංවිධානගතව තම මුදල් ආපසු ලබා ගැනීමට මේ වනවිට කටයුතු කරමින් සිටිති.

කෙසේ වෙතත් අදාළ ව්‍යාජ මූල්‍ය ආයතනයේ හිමිකරු වන දම්මික අතපත්තු දිගින් දිගටම පවසන්නේ මහබැංකුව විසින් පනවන ලද තහනම ඉවත් කරගන්නේනම් තැම්පත්කරුවන්ගේ සියලු මුදල් ආපසු ගෙවීමට තමාට හැකි බවයි.

ඒ අනුව මේ වනවිට අදාළ තහනම ලිහිල් කර ඇති බව පවසන තැම්පත්කරුවෝ පෙන්වා දෙන්නේ එහෙත් තම මුදල් ආපසු ගෙවීමට මේ වනතෙක් දම්මික අතපත්තු කටයුතු කර නොමැති බවයි. ඔහු තම මුදල් විවිධ ව්‍යාපාරවල ආයෝජනය කර ඇති බව පවසන අතර, එම මුදල් ආයෝජනය කර ඇත්තේ කුමන ස්ථානවල ද යන්න හෙළි නොකරන බවට තැම්පත්කරුවෝ චෝදනා කරති. එබැවින් මුදල්වල සුරක්ෂිතභාවය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බව පෙන්වා දෙන ඉයෝන් ලංකා තැම්පත්කරුවෝ පවසන්නේ මෙම වංචාකරු අත්අඩංගුවට ගෙන හෝ ඔහුගේ ඇති වත්කම්වලින් තම තැම්පතු ආපසු ලබා ගැනීමට රජය මැදිහත් විය යුතු බවයි.

තැම්පත්කරුවන් කළ ඉල්ලීමක් මත ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද තැම්පත්කරුවන් හට සහයෝගය දැක්වීමට මේ වනවිට එක්ව තිබේ.

 

 

 

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...