[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

හංගපු ඩොලර් බැංකුවට නොදැම්මොත් වැඩ වරදින ලකුණු

-

Spread the love

(ජනක බලල්ල)

යම් පුද්ගලයෙකු හට සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය  15,000 සිට 10,000 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතැයි මහබැංකු ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද(19) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසා සිටියේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ගත යුතු පියවර පිළිබඳ මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

යම් පුද්ගලයකු හට තමා සන්තකයේ ඇති ඩොලර් ප්‍රමාණය ලැබුණු ආකාරය පිළිබඳ හෙළි කිරීමට නොහැකිනම්, ඒවා ඉදිරි සති දෙක තුළ බැංකුගත කිරීමට සහන කාලයක් ලබා දීමට මහබැංකුව තීරණය කර ඇති අතර, තවත් දින දෙකකින් මේ පිළිබඳ  නිවේදනය කරන බව මහබැංකු අධිපතිවරයා පවසයි.

ඒ අනුව යම් අයකු මේ වනවිට ඩොලර් 10,000ට අධික මුදලක් සන්තකයේ තබාගෙන ඇත්නම් ඒවා ඉදිරි සති දෙකක කාලය තුළ බැංකුගත නොකර සිට දුරටත් සන්තකයේ තබාගන්නේනම් ඊට යම් නීතිමය බාධාවක් ඇතිවීමට ද ඉඩ ඇති බවට මෙයින් ඉඟි පළකෙරේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...