[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

විධායකය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් ගැන පෙරටුගාමීන් හා දෙමළ ප්‍රගතිශිලීන් අතර එකඟතා

-

Spread the love

(ජනක බලල්ල)

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද (24) කොහුවල පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්යාලයේදී පැවැත්විණි.

මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා මෙහි දී සාකච්ඡා වූ අතර ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇති වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනය කරයි.

වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාරද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න සහභාගී වූහ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...