[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

නිරෝධායන ඇඳිරිනීතිය සැප්.21 තෙක් යළි දීර්ඝ කෙරේ

-

Spread the love

(කුමාරි රත්නායක)

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ මේ වනවිට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 21 අළුයම 04.00 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(10) පෙරවරුවේ රැස්වුණු කොවිඩ් මර්දන කමිටුවේ දී මෙම තීරණයට එළඹ ඇති බව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

කෝවිඩ්-19 රට තුළ සීඝ්‍ර ලෙස පැතිරයෑමේ අවදානම හේතුවෙන් ඉකුත් අගෝස්තු 20 වැනි සිකුරාදා රාත්‍රි 10 සිට අගෝස්තු 30 වැනිදා දක්වා බලපැවැත්වෙන ලෙස පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය, පසුව සැප්තැම්බර් මස 6 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කෙරිණි. එය නැවත වරක් දීර්ඝ කෙරුණු අතර, ඒ එළඹෙන සැප්තැම්බර් 13 වැනි දා අළුයම 04.00න් අවසන් වන පරිදිය.

කෙසේ වෙතත් අද පැවැති  කොවිඩ් මර්දන කමිටුවේ දී තීරණය වී ඇත්තේ පවතින තත්ත්වය දෙස බලන කල රට තවමත් පූර්ණ ලෙස විවෘත කිරීමට තරම් හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව මේ වනවිට පවතින නිරෝධායන ඇඳිරිනිතිය සැප්තැම්බර් මස 21 වෙනිදා අළුයම 04.00 දක්වා දීර්ඝ කර ඇත.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...