[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

පොලිස්පති ඉල්ලා අස්වන ලකුණු

-

Spread the love

(ජනක බලල්ල)

ඉදිරි දින කිහිපය තුළ පොලිස්පතිවරයා ඉල්ලා අස්වනු ඇති බවට නිල නොවන තොරතුරු වාර්තා වේ.

ගෝඨාගෝගම ප්‍රහාරයේ වගකීම සෘජුව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා දැරිය යුතු බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කරනු ලැබ තිබෙනවායැයි කියන සිද්ධිය හේතුවෙන් මේ වනවිට පොලිස්පතිවරයා හා ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකු අතර මතබේදාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විශ්‍රාමික හමුදා නිලධාරියකු වන ජගත් ඩයස් සමඟ පොලිස්පතිවරයා ඇතිකරගෙන ඇති මෙම අභ්‍යන්තර ගැටුම හේතුවෙන් ජනාධිපතිවරයාට හිතවත් ආරක්ෂක අංශවලට සම්බන්ධ ප්‍රධානීන් කිහිප දෙනෙකුගේම දෝෂ දර්ශනයට පොලිස්පතිවරයා ලක්ව ඇති බවට ද කරුණු වාර්තා වෙයි.

ආණ්ඩු පාර්ශ්වයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද පොලිස්පතිවරයා ඉල්ලා අස්විය යුතු බවට පසුගිය දා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණත්, මේ පිළිබඳ නිල ප්‍රකාශයක් හෝ නිවේදනයක් මේ වනතෙක් ආණ්ඩුව පාර්ශ්වයෙන් නිකුත් කර නොමැත.    

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...