Spread the love

(කුමාරී රත්නායක)

ඉන්ධන මිල ඉහල දැමීම හමුවේ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

අනපේක්ෂිත ලෙස ඩීසල් මිල ඉහළ දැමීම හමුවේ මෙම මිල සංශෝධනය සිදුකළ බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. 

වැඩි වූ මිල ගණන්වලට සාපේක්ෂව මෙතෙක් රුපියල් 20ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර තිරිඟු පිටි මිල සහ ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ පාන් රාත්තලක (ග්‍රැම් 450) මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් ඉහළ දැමු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි. සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඊට සාපේක්ෂව රුපියල් 10කින් ඉහළ දමා ඇත.