[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

බස් – ත්‍රීවීල් ගාස්තු ඉහළට

-

Spread the love

(ප්‍රසන්න ඉන්දික)

සංශෝධනය වූ ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සහ ත්‍රී රෝධ රථ ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන බව අදාළ සංගම් නිවේදනය කරයි.

ඒ අනුව අද(24) මධ්‍යම රාත්‍රී සිට  බස් ගාස්තු 19.5%කින් ඉහළ දමා තිබේ. ඒ අනුව, සාමාන්‍ය සේවා මගී බස් රථයක අවම ගාස්තුව රුපියල් 32ක් දක්වා ඉහළ යනු ඇත.

කාණ්ඩ 350ක් යටතේ සිදුකර ඇති මෙම  බස් ගාස්තු සංශෝධනය පෞද්ගලික මෙන් ම ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් රථ සඳහා ද අදාළ වන අතර, අධිවේගී බස් රථ ගාස්තු ද ඒ අනුව ඉහළ යනු ඇත.

ත්‍රීරෝද‍ රථවල පළමු කිලෝමීටරයට අයවන ගාස්තුව ඒ අනුව රුපියල් 100 දක්වා ඉහළ දමා ඇති බව සමස්ථ ලංකා ත්‍රීරෝද රථ සංගමය අද නිවේදන කළ අතර, ඉන්පසු ගමන් ගන්නා සෑම කිලෝමීටරයකටම රුපියල් 80 බැගින් අයවන බව පෙන්වා දෙයි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස රජය ඉල්ලීමක් කර තිබේ.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...