Thursday, April 25, 2024
Home Blog Page 2

චීනයේ තෙල් අගොස්තු සිට බෙදනවා

0

–අශිනි සංජනා–

චීනයේ සයිනොපෙක් සමාගමේ පළමු ඉන්ධන තොග ඇණවුම් දෙක ලබන අගොස්තු මුල් සතිය වනවිට මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (ජූලි 23) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

මෙම ඉන්ධන තොගය බෙදාහැරීම ඇරඹීමෙන් පසු දැනට පවතින QR ක්‍රමවේදය ඔස්සේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට හෝ එම ක්‍රමවේදය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙයි. ;තවද, ඉන්ධන මිල සූත්‍රය භාවිත කර, සියලු ම සමාගම්වලට බලපාන පරිදි සෑම මාසයක ම ඉන්ධන වර්ගවලට අදාළ උපරිම මිල තීරණය කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එන්නත් හා නිර්වින්දන ඖෂධ රහස ගැන දොස්තර අසේල කට අරියි

0

(ජනක බලල්ල)

මේ දිනවල සිදුවන සෑම මරණයක්ම එන්නතකට හෝ නිර්වින්දන ඖෂධයකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැගවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඩොලර් මිලියන 100ක ලොතරැයි ජයක්

0

ලොතරැයි දිනුමකින් ඩොලර් මිලියන 100ක ජයක් ලැබූ පුවතක් පිළිබදව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට දිනුම් අදින ලද පවර්බෝල් (Powerball) ලොතරැයියේ ඩොලර් මිලියන 100ක පළමු ත්‍යාගය හිමිකර ගෙන ඇති බවයි.

මෙලෙස ලොතරැයි දිනුම හිමිකරගෙන ඇත්තේ සිඩ්නි පදිංචිකරුවෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ලොතරැයි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම ජයග්‍රහණය බවයි.

මීට පෙර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු 2019 වසරේදී ඩොලර් මිලියන 107ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එය එරට විශාලතම ලොතරැයි ජය ලෙස සැලකෙයි.

තමන් ලද ලොතරැයි ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පුද්ගලයා පවසා ඇත්තේ එම මුදල භාවිත කර නිවසක් මිලදී ගැනීම සිය පළමු අරමුණ බවය.

විමල් වීරවංශට වරෙන්තු

0

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබ තිබේ.

2016 වසරේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ සංචාරය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් ය.

ජනවාරි මාසයේ විදුලි බිලට “දැනෙන සහනයක්”

0

එළඹෙන ජනවාරි මාසයේදී විදුලි ගාස්තුව සඳහා සැලකිය යුතු සහනයක් ජනතාවට ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරට ත් අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“ජනවාරි පළවෙනිදා විදුලි සංශෝධනය වෙනුවෙන් තියෙන යෝජනාව නොවැම්බර් මාසේ දෙනවා. දැන් ජූලි මාසේ සංශෝධනයෙන් යම් කිසි ප්‍රමාණයක් අඩු වෙනවා. අවම මට්ටමේ විදුලි භාවිත කරන ඒකක 0-30, 30-60, 60-90… ඒ පිරිස්වල 27%කින් විදුලි බිල අඩු කරන්න අපි යෝජනා කරලා තියෙනවා. අපි තව එක පියවරක් තියනවා ජනවාරි මාසේ. මේ යන වැඩපිළිවෙළ ස්ථාවර කිරීමේ වැඩපිළිවෙළ ගෙනියලා, අපිට ඊට වැඩිය දැනෙන සහනයක් ජනවාරි මාසයේ විදුලි බිල වෙනුවෙනුත් අපි ලබා දෙන්න කටයුතු කරනවා.”

ඔන්ලයින් ක්‍රමයට අද සිට පාස්පෝට්

0

-ජනක බලල්ල-

ඔන්ලයින්  ක්‍රමයට (මාර්ග ගත) විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රමවේදය අද (15) ආරම්භ විය.

එහි සමාරම්භක අවස්ථා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

මෙහි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ එක්දින සේවය මගින් මේ වනතෙක් රුපියල් 20,000කට ලබා ගත් විදෙස් ගමන් බලපත්‍ර වෙනුවට අද සිට රුපියල් 15,000ක මුදලකට දින තුනකින් අයදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ලබා දීමට කටයුතු සලසා ඇති බවයි. තවද, රුපියල් 5000ක් ලබා ගෙන මෙම ක්‍රමය යටතේ දින 14කින් තම විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව පවතින බව ඇමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් රුපියල් 20,000ක් ගෙවා එක් දිනකින් විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකිව තිබූ එක්දින සේවය තවමත් ක්‍රියාත්මකයි.

මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයැදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, මීරිගම සහ ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අක්මීමන සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද,

මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සහ දෙවි නුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සහ තිස්සමහාරාමය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, කුරුවිට සහ ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, කුණ්ඩසාලේ සහ පූජාපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද,

බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
මොනරාල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,
අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව සහ හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,

මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරළෙයි පත්තු (වාලච්චේනයි) සහ කාත්තන්කුඩි යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි සහ පේදුරු තුඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද
මන්නාරම දිස්ත්‍රික්කයේ මන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

වව්නියාව දිස්ත්‍රික්කයේ මොංගල සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද
මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිවී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද,

ඇඟිලි සටහන් ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි.

0

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක් රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා ‘සහනියාමන’ පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.
රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (09) දින පවත්වන ලද පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලවිය.
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා, මාධ්‍යවේදී කේ.සංජිව මහතා, නීති ශිෂ්‍ය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි භාග්‍යා වීරකෝන් හා නීතිඥ මහේෂ් කාංචන ද සිල්වා මහතා එක්විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කරු පරණවිතාන මහතා;
“යෝජිත විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත 2022 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවකින්, කැබිනට් අනු කමිටුව කෙටුම්පතක් හදලා එය මාධ්‍ය ආයතන වලට යවලා. ඒ අනුව තමයි මේ කතාබහ ඇතිවෙලා තිබෙන්නේ. ජනමාධ්‍යට විශේෂ නියාමනයක් අවශ්‍ය නැහැ. තිබිය යුත්තේ ස්වයං නියාම පමණයි කියන අදහස කාලාන්තරයක් තිස්සේ මේ ජනමාධ්‍යකරුවෝ ඇතුලේ, ආයතනයක් අතරේ, විෂය ඇතුලේ කතාවෙච්ච අදහසක්. නමුත් අද මුළු ලෝකෙම ස්වයං නියාමනය සිද්ධ වෙන්නෙත් නැහැ. හැම තැනකම දියුණු රටවල, නොදියුණු රටවල, ඕනම රටක මේ ජනමාධ්‍ය ආචාරධර්ම දේශපාලන, ආර්ථික මට්ටමින් උල්ලංඝනය වෙනවා. එම නිසා, නීතියෙන් බලගැන්වෙන නියාමනයක් තියෙන්න ඕනේ කියන අදහසට, මුළු ලෝකයම ඇවිල්ලා තියෙනවා. ඒ නීතියෙන් බලගැන්වෙන නියාමනය, අත්තනෝමතික නීතියක් යටතේ සිද්ධ වෙනවා නම් ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය වෙන්න පුළුවන්. ඉතාමත්ම හොඳ වැඩක් කිරීමේ මුවාවෙන් ඉතාම දැඩි මර්දනකාරී පනතක් ඇවිල්ලා තිබෙනවා. එම නිසා මේ පනත වහාම අකුලාගෙන ඉවර වෙලා සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුතුව, හැමදෙනාගේම අදහස් විමසලා ලෝකයේ අද පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සහනියාමන මූලධර්ම මත හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පනතක් ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා.”
මෙම පනත පිළිබඳව ආන්දෝලනයක් ඇතිවන තාක් මාධ්‍යවේදීන් මේ පිළිබඳව දැන නොසිටි බව මේ හා සම්බන්ද වූ මාධ්‍යවේදී කේ. සංජිව මහතා පවසා සිටි. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවා සිටියේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ තවත් රජය මර්දනකාරී පනත් ගොන්නට මෙයත් එක්වන බවයි.
“නියාමනයක් අවශ්‍යයි. ඇයි අපි නියාමනයක් අවශ්‍යයි කියලා කියන්නේ? පහුගිය කාලේ විශාල ප්‍රශ්නයක් තිබුණා කැළණියේ නයි ගැන කාන්තාවන් වඳභාවයට පත් කිරීම ගැන මාධ්‍ය වාර්තාකරණය හසුරූ ආකාරය ගැන. විශේෂයෙන්ම මාධ්‍ය ආචාරධර්ම අනුව ජනමාධ්‍ය භාවිතාවක යෙදෙන මාධ්‍යවේදීන් සෑහෙන්න අපහසුතාවයට පත්වුණා. මාධ්‍ය කියන්නෙත් බිස්නස් එකක්. හැබැයි මාධ්‍ය කියලා කියන්නේ ලැවරිය බිස්නස් එක වගේ එකක් නෙමෙයි. නියාමනය ගත්තහම ක්‍රම දෙකක් තියෙනවා. සංඛ්‍යාත දෙන විදිය හා ලයිසන් එක. ලයිසන් එක, සංඛ්‍යාත කියලා කියන්නේ මහජනතාවගේ දේපලක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම නියාමනය වෙන්න ඕනේ. ඒ සඳහා නිර්මාණය කරන නියාමන ආකෘතිය ජනමාධ්‍ය අමාත්‍යංශය, මාධ්‍යවේදීන්, සමාජය වැනි සියලු දෙනා එකතුවෙලා සිදුකරන දෙයක් විය යුතුයි”
ඉන් අනතුරුව අදහස් දක්වා සිටි නීති ශිෂ්‍ය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනි භාග්‍යා වීරකෝන් දැක්වූ අදහස් මෙසේයි..
“රජයකට යම්කිසි වගකීමක් තියෙනවා මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන්. ඒ භූමිකාව ඇතුළේ සියලු පාර්ශ එකතු වෙලා, සීමිත පිරිසක් විසින් ගන්න තීරණ නෙවෙයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, සිවිල් ක්‍රියාකාරීන්, මේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයින්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, මාධ්‍යවේදීන් වගේ හැම පිරිසක්ම ඒකරාශී කරගෙන මේ නියාමනයන් සම්බන්ධයෙන් මැදිහත් වෙන්නට අවශ්‍යයි. අපි මේ පනත් කෙටුම්පත ගැන පොඩ්ඩක් විමසලා බැලුවොත් පංච පුද්ගල කොමිසමක් පත් කරනවා. මේකෙදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියත් ඇතුව ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් තුන් දෙනෙක් පත් කරනවා. ඊට අමතරව නිල නොවන සාමාජිකයන් දෙන්නෙකුත් ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබනවා. මේක හරියට බැලුවොත් හොඳට කල්පනා කරලා බැලුවොත් මේ පස්දෙනාම පත්කරන්නේ ජනාධිපතිවරයාගේ පත්වීම් සහ ඔවුන් විෂමාචාරය මත පදනම් වෙලා ඔවුන්ව ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් මේකෙන් ලබාදීලා තියෙනවා. ඒ අනුව මෙම කමිටුවේ සාමජිකත්වය දේශපාලනීකරණය වෙලා කියලා අපි කියනවා”
තවද මෙම විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳව නීතිමය පැතිකඩ හා පක්ෂයේ මේ සම්බන්ධ යෝජනා පිළිබඳව නීතිඥ මහේෂ් කාංචන ද සිල්වා මහතා අදහස් දක්වා සිටියේය.
“මේක නියාමනය නෙවෙයි. මේ මර්දනය. නියාමනය මුවාවෙන් මේ මර්දනය ගේන්න හදන්නේ. දැන් මේ අලුත් පනත ගැන නීතියත් යුක්තියත් හැමතිස්සෙම එක මග යන්නේ නැහැ. ඒ නිසා බොහෝ ජනතාවට එරෙහි අනර්ථකාරී පනත් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා දැන් අද පවතින තත්වය අනුව තුනෙන් දෙකේ බහුතරයක් හොයා ගැනීම මේ ආණ්ඩුවට එච්චරම අමාරු වෙන එකක් නැහැ. ඒ නිසා පුරවැසියෝ විදිහට අපි උත්සාහ කරන්න ඕනේ මේක මුල් අවස්ථාවේ මේ තියෙන අනර්ථකාරී තත්වය පැහැදිලි කරලා මෙය පරාජය කරන්න. මේ කොමිසම ස්වාධීන කරන්න මේ තත්වයන් අපි මූලිකවම යෝජනාවක් විදියට කියනවා. දේශපාලන හිතවත්කම් තියෙන, තමන්ට හිතවත්, ඕන කෙනෙක් මේ ආකාරයට පත් කරන්න පුළුවන්. නමුත් අපි කියන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පුළුවන් නියම ආයතන අපේක්ෂකයන් එහෙම නැත්නම් ඉල්ලුම් පත්‍ර කැඳවන්න සාමාජිකත්වයට. මෙවැනි අත්තනෝමතික තීරණ වලින් බැහැරව නිසි නියාමන ආයතනයක් බිහි කරන්න කියලා අපි කියන්නේ.”

ලිට්‍රෝ ගෑස් අද රෑ බස්සයි

0

-අශිනි සංජනා-

ලිට්‍රෝ සමාගම  අද (ජූනි 04) මධ්‍යම රාත්‍රියේ සිට සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් සහ  කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහත දමා ඇත.  කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 83 කිනි.

නව ගෑස් මිල ගණන්
12kg නව මිල  රු 3,186
5kg නව මිල  රු 1,281
2.3kg නව මිල  රු  598

ආණ්ඩු පක්ෂයෙන් හදිසියේම මැතිවරණ මෙහෙයුම් කමිටුවක්

0

-ජනක බලල්ල-

ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා නව මෙහෙයුම් කමිටුවක් ගොඩනැගීම සඳහා ආණ්ඩුවේ සියලු පක්ෂ එක්ව හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති මෙම විශේෂ සාකච්ඡාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පා.ම. වජිර අබේවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගල කාරියවසම්, සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක ඇතුළු ආණ්ඩු පක්ෂයේ තවත් පක්ෂ නියෝජිතයන් පිරිසක් සහභාගී වී ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ ඒ හා සම්බන්ධ දේශපාලන සංවිධාන සියල්ලද මනා සම්බන්ධීකරණයකින් යුතුව ඉදිරි මැතිවරණය සඳහා සංවිධානය විය යුතු බව මෙහි දී ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

මෙහි දී පොහොට්ටුවේ පක්ෂ වෙනුවෙන් අදහස් දක්වමින් සාගර කාරියවසම් පෙන්වා දී ඇත්තේ මෙවනි මෙහෙයුම් කමිටුවක් අරඹන්නේ නම් ඒ ගැන මුලින්ම ඒ ඒ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවයි.

ඉදිරියේ දී ආණ්ඩුවේ සෙසු පක්ෂ මෙන් ම පොහොට්ටුවේ නායකයන් සමග සාකච්ඡා කොට ශක්තිමත් මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ගොඩනගාගැනීම සිදු වනු ඇත.

ඒ අනුව ආණ්ඩුව කඩිනමින් මැතිවරණයක් ගෙන ඒම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බව පෙනී යන බව දේශපාලන විචාරකයෝ පවසති.

නතාෂා 07 වැනි දා තෙක් රිමාන්ඩ්

0

-ජනක බලල්ල-

බෞද්ධ ආගමට අපහාස වන අයුරින් අදහස් දැක්වූ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබූ නතාශා එදිරිසූරිය ලබන 07 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර ඇත.

සැකකාර කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යෑමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව තම ප්‍රහසන වැඩසටහනක් මගින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.