[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

අවුරුදු 5000ක් පැරැණි බියර් ෆැක්ටරියක් මතුවෙලා

-

Spread the love

(කුමාරි රත්නායක)

අවුරුදු 5000 කට වඩා ඉපැරැණි බියර් කර්මාන්තශාලාවක් ඊජිප්තු පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි.

ඊජිප්තු ඉතිහාසඥයන්ගේ දත්තවලට අනුව එකල එහි පාලකයාව සිට ඇත්තේ නාර්මර් නම් රජවරයෙකි.

නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැතිව් ඇඩම්ස් ( Dr. Matthew Adams ) විසින් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර, ඔහු පවසන්නේ, ඊජිප්තුවේ රජවරුන්ගේ රාජකීය සුසාන චාරිත්‍ර සඳහා බියර් භාවිත කර ඇති බවට විශ්වාස කරන බවයි. එසේම ඔවුන්ගේ එදිනෙදා සිරිත්-විරිත් අතර බියර් සඳහා විශේෂ තැනක් පැවැති බවටද මින් පෙර එම ප්‍රදේශවල සිදුකළ කැනීම්වලින් තහවුරු වී ඇතැයි ද ආචාර්ය මැතිව් ඇඩම්ස් පවසනවා.

මෙලෙස සොයගෙන ඇති බියර් කර්මාන්තශාලවකොටස් 8කින් සමන්විත අතර, ඒ තුළ බියර් නිෂ්පාදන කාර්ය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන මැටි භාජන 40 ක් ද හමු වී ඇත. මෙම දත්ත විශ්ලේෂණ කිරීමෙන් පසු මෙම බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බවට ද ආචාර්ය මැතිව් ඇඩම්ස් පවසනවා.

කොවිඩ් -19 වසංගතත් සමග පහත වැටුණු ඊජිප්තු සංචාරක කර්මාන්තය නැවත ප්‍රවර්ධනය සඳහා මෙම කෞතුක වස්තු භාවිත කිරීමට ඊජිප්තුව කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...