[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

පාස්කු කොමිසමේ සාමාජිකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි – බොදු බල සේනාවෙන් සැර පිළිතුරක්

-

Spread the love

(ජනක බලල්ල)

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවෙන් එම ප්‍රහාරයට දේශීය වශයෙන් වගකිව යුතු සංවිධිනයක් ලෙස බොදු බල‌ සේනා සංවිධානය සෘජුවම නම්කිරීමත්, ISIS වැනි ත්‍රස්ත සංවිධාන මට්ටමට බොදු බල සේනා සංවිධානය හුවා දැක්වීමත් තරයේ හෙළාදකින බව එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා පවසයි.

තම නිල ෆේස්බුුුුක් ගිණුමේ සටහනක් තබමින් ඒ් මහතා පවසන්නේ පාස්කු කොමිසමේ සාමාජිකයන්ගේ මොළය පරීක්ෂා කළ යුතු බවයි.

ඒ් මහතා පෙන්වා දෙන්නේ තමා මෙම වාර්තාවේ අඩංගුව පිළිබඳ පුදුමයට පත්වන අතර, මෙය පළිගැනීමේ චේතනාවෙන්ම යම් සංස්කරණයකට භාජනය කර ඇතිදැයි යම් සැකයක් ද මතු වූ බවයි.

ඩිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ අදාළ චෝදනා සිදුකරන ජනාධිපති විමර්ශන කොමිසමේ සාමාජිකයන් හට මේ සම්බන්ධයෙන් තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බවයි.

පාස්කු කොමිසන් වාර්තාවේ පිටු කිහිපයක් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ ප්‍රසිද්ධ කරන ලද අතර පහතින් ඇත්තේ එහි උපුටනයකි.

2019 අප්‍රේල් 21 වන දින සිදුවීම් සඳහා මූලික හේතු වන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තවුහිඩ් කණ්ඩායම්, ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් (SLJI) සහ ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය (SLJSM) වැනි කණ්ඩායම්ද, ජාත්‍යන්තරව අයි එස් සංවිධානයේ ක්‍රියාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩයම්වල ක්‍රියාකාරකම් මෙම සිදුවීම සඳහා දායක වූ බව පරීක්ෂණ කොමිෂන් සභාව නිගමනය කරයි.

 

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...