[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

අලියට දුන්නොත් දිනන්නේ පොහොට්ටුව – සමගි ජන බලවේගයේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ

-

Spread the love

-ජනිත් හේමාල්-

අලියට දෙන හැම ඡන්දයකින්ම සිදුවන්නේ පොහොට්ටුවේ ජයග්‍රහණයට තවත් ඡන්දයක් එක් කිරීම පමණක් බව සමගි ජන බලවේගයේ අපේක්ෂක කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ මහතා පවසයි.
පසුගිය දා කුරුණෑගල හෝටලයක පැවැති ව්‍යාපාරික හමුවක දී ඒ මහතා මේ අදහස් පල කළේය.
අශොක් අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනක ජයරත්න හේරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ද ළඟ තබාගෙන අපිට ආණ්ඩුව පිහිටුවන්න බැරි වුණොත් අපි රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුව පිහිටුවනවා‘ යනුවෙන් කළ ප්‍රකාශය මත එය වඩාත් හොඳින් පැහැදිළි වන බවයි. එපමණක් නොව පොහොට්ටුවට තනිව මන්ත්‍රීවරු 113 සම්පූර්ණ කර ආණ්ඩුව පිහිටුවීමට නොහැකි බව මේ වනවිට ඔවුන් තේරුම් ගෙන තිබෙනවා යන්න එම ප්‍රකාශවලින් ඔප්පු වන බව ද අබේසිංහ මහතා පෙන්වා දෙයි.
එම නිසා කවුරුන් හෝ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡන්දය දෙනවා යැයි සිතා අලියට ඡන්දයක් දෙනවානම් එයින් සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැති වීමට තවත් එක් ඡන්දයකින් හෝ දායක වීම පමණක් බව ඒ මහතා අවධාරණය කරයි.
තම පරාජය මේ වනවිට ඔවුන්ගේ පවුලට පවා හොඳින් දැනෙන නිසා වෙනත් කිසිම දා ක නොකළ අන්දමේ මැතිවරණ මෙහෙයුම් පවා ඔවුන් අරඹා ඇති බව අබේසිංහ මහතා පෙන්වා දෙයි. කිසි දිනක දේශපාලන වේදිකාවට ගොඩ නොවූ රෝහිත රාජපක්ෂ පවා මෙම ඡන්දයේ දී කරළියට පැමිණීමෙන් එය වඩාත් තහවුරු වන බව අබේසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...