[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

අශෝක් අබේසිංහ ස්වයං නිරෝධායනයට

-

Spread the love

-ජනක බලල්ල-

සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ භාර්යාව කෝවිඩ්-19 ආසාධිතයන් බව ඊයේ (23) තහවුරු වීමත් සමග ඒ මහතාගේ ආශ්‍රිතයකු වූ තමාද ස්වයං නිරෝධායනය වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසංහ මහතා පවසයි.

අබේසිංහ මහතා පවසන්නේ පසුගිය සිකුරාදා සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් සහ තමා සජිත් ප්‍රේමදාස මහතා සමග පැයක පමණ කාලයක් එක් කාමරයක සාකච්ඡාවක නිරත වූ බවයි.

සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම තමන්ද කෝවිඩ්-19 සඳහා වන එන්නත් කිසිවක් ලබා නොතිබෙන බව පවසන අබේසිංහ මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමා ස්වයං නිරෝධායනයට යොමු වූ බවයි.

වෛද්‍ය උපදෙස් මත ඉදිරි දින කිහිපය ඇතුළත තමා පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවීමටද නියමිත බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...