[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”මහින්ද වහා අත්අඩංගුවට ගන්න” අරගලකරුවෝ

-

Spread the love

(ජනක බලල්ල)

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රමුඛ අරගලවරුවන්ට පහරදීමට අදාළ සියලු පාර්ශ්ව අත්අඩංගුවට ගතයුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

හදිසි නීතියට, හේතු රහිතව දීර්ඝව ඇඳිරි නීතිය පවත්වාගෙන යෑමට ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමට පනවන අත්තනෝමතික පොලිස් නියෝග වලට හා කමල් ගුණරත්න සහ ගෝඨාභය රාජපක්ෂ උද්ඝෝෂකයන්ට කරන තර්ජනවලට එරෙහිව අද(12) දේශපාලන පක්ෂ සහ සමාජ ක්‍රියාකාරීන් එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා පෙන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු  අරලියගහ මන්දිරයේ සිට ඉකුත් 9 වැනි දා සිදුකළ ප්‍රකෝපකාරී ප්‍රකාශ හමුවේ කුපිත වූ ඔවුන්ගේ මැර පිරිස පොලු මුගුරු රැගෙන විත් නිරායුධ අරගලකරුවන්ට පහර දී, ඔවුන්ගේ කූඩාරම් ගිනි තබා විනාශ කිරීම හමුවේ රට පුරා ජනතාව ඊට ප්‍රතිචාර දැක්වීම ත්‍රස්ත ක්‍රියා ලෙස හුවාදක්වමින් ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටිමින් යම් යම් නියෝග නිකුත් කරන කමල් ගුණරත්න අරගලකරුවන් මර්දනය කිරීමට සැරසෙන බවයි.

ඉකුත් මාර්තු 31 දා ජනාධිපතිවරයාගේ නිවෙස අසල ඇති වූ උද්ඝෝෂණයෙන් පසු අප්‍රේල් 9 වැනි දා ගාලුමුවදොර පිටිය අත්පත්කරගෙන ගෝඨාගෝගමක් නිර්මාණය කිරීමේ තැන සිට මේ දක්වා කාලය තුළ අගමැතිවරයා ඇතුළු කැබිනට්ටුව ඉවත්වීම දක්වා වූ ජනතාවාදී ජයග්‍රහණ රැසක් අත්පත්කරගනිමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ වනවිට බංකරයකට වී නිවේදන නිකුත් කරමින් සිටින බවත්, අගමැතිවරයා ප්‍රමුඛ පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලයේ පාලු දූපතකට සිර වී සිටින අතර, මැති ඇමැතිවරුන්ට පාරට බැසීමට පවා නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පෙන්වා දෙන ජයගොඩ මහතා පවසන්නේ ඒ අරගලයෙන් ජනතාව ලැබූ ජයග්‍රහණ බවයි.

එහෙත් ජනාධිපතිවරයා මේ වනවිට නැවත වරක් තම බලය තහවුරු කරගැනීමට උත්සාහ දරමින් සිටින බව ජයගොඩ මහතා පෙන්වා දෙයි. එහි එක් එක් අවස්ථා ලෙස හදිසි නීතිය දීර්ඝ කරමින් තිබීම සහ ඇඳිරිනීතිය පනවා දීර්ඝ කරමින් තිබීම හඳුන්වා දෙයි.

ආරක්ෂක ලේකම් ලෙස පෙනී සිටින කමල් ගුණරත්න ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කළ ප්‍රකාශ ඉතා බරපතල බව පුබුදු ජයගොඩ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා ජාතිය ඇමතූ කතාවෙන් අඩුම තරමින් ගෝල්ෆේස් අරගලකරුවන්ට අයුතු පහරදීමක් සිදුකළ බවට ප්‍රකාශ කළත්, කමල් ගුණරත්න සිය මාධ්‍ය සාකච්ඡාවේ දී කළ ප්‍රකාශ තුළින් පෙනී යන්නේ ඔහු 9 වැනි දා පෙරවරුවේ සිදු වූ කිසිවක් නොදන්නා, 9 වැනි දා සවස උපන් අයකු ලෙස පෙනී යන බව ද ජයගොඩ මහතා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ සහ කමල් ගුණරත්න මේ වනවිට ගෝඨාගෝගම අරගලකරුවන්ට ආහාරපාන ආදිය ලැබීමේ ක්‍රම වළක්වා එය විසුරුවා හැරීමට උපක්‍රමයක් ලෙස ඇඳිරිනීතිය දීර්ඝ කරමින් උත්සාහ ගන්නා බව පුබුදු ජයගොඩ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...