[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”මම ආයෙ පාර්ලිමේන්තු පැත්ත පළාතේ එන්නේ නෑ” අලිසබ්‍රි පාර්ලිමේන්තුව හොල්ලයි

-

Spread the love

(ජනක බලල්ල)

හිටපු මුදල් ඇමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී ඉතා කලකිරීමෙන් හා ආවේගයෙන් අදහස් දක්වා තිබේ.

ඔහු පවසා ඇත්තේ තමා නැවත පාර්ලිමේන්තුව පැත්ත පළාතක නොබලන බවයි.

ඉකුත් දා රට පුරා සිදුවුණු ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් ඒ මහතා මෙලෙස ආවේගයෙන් අදහස් දක්වා ඇති බව ද සඳහන් වේ.

එහි දී ඒ මහතා මෙසේ අදහස් දක්වා ඇත.

”මම නම් ආයෙ මේ පාර්ලිමේන්තුවේ පැත්ත පළාතවත් බලන්නේ නැහැ. මට මේක ඕන‍ෙත්  නෑ. අපි ආවේ මේවා බලන්න නෙමෙයි. නමුත් කවුරු හරි අනාගතයේ දවසක මේ රට ගැන හිතලා, තමන්ගේ ටැක්ස් ගෙවපු තමන් වෙනුවෙන් වැඩ කරපු, රටට ආදරය කරන මිනිස්සුන්ට මේකට එන්න අවශ්‍ය පාර සලසලා දෙන්න.”

”එකිනෙකාට ඇඟිලි දික් කළොත් විජය ආපු දවසේ සිට ඇගිල්ල දික් කර කර ඉන්න වෙනවා. ඇත්ත මිනිසුන්ට කියලා දේශපාලන වාසි ගන්න ඕනෙ නෑ. මම බයයි යුද්ධ කරන්න. මම බයයි. දරුවන් මව්පියන් වෙනුවෙන්. අපි වංචා කරලා නෑ.”

”මේක බුදුන් වැඩිය රට. ශාන්තිය තිබෙන රට. ගෙවල් ගිනි තියද්දි සතුටු වෙන්න පුළුවන් වුණේ කොහොම ද? මම පිළිගන්නවා ආර්ථික කළමනාකරණයේ යම් දුර්වලතා තියෙනවා. අපි වැරදි කරලා නම් උසාවි යමු.”

”මට නම් මේ සම්පූර්ණ දේශපාලන සංස්කෘතිය පිළිබඳවම තියෙන්නේ මහ ලොකු අප්‍රසාදයක්. කලකිරීමක්.”

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...