[ccpw id="5"]

Monday, December 5, 2022

[ccpw id="5"]

”කම්කරු ඇමැති ඉල්ලා අස්විය යුතුයි” විදේශ රැකියා ඒජන්සි හිමිකරුවෝ හඬ අවදිකරති [වීඩියෝ සහිතයි]

-

Spread the love

”ලක්ෂ 10ක් ලැබෙන හැටි ඔප්පු කරන්න”

”ඔප්පු කළොත් අපේ බලපත්‍ර අවලංගු කරගන්නවා”

”ඔප්පු නොකළොත් ඇමැතිකමෙන් ඉල්ලා අස්විය යුතුයි”

 

-චම්ලි බලල්ල-

මැදපෙරදිග රටවලට විදෙස්ගත කෙරෙන එක් ගෘහ සේවිකාවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් විදේශ රැකියා ඒජන්සිකරුවන්ට ලැබෙන බවට කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දා කළ බව කියන ප්‍රකාශය ඔප්කපු කරන ලෙස බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජ්‍යායතන සංගමයේ (ALFEA) සභාපති මොහමඩ් ෆාරුක් මරික්කාර් මහතා අභියෝග කරයි.

එම ප්‍රකාශය ඔප්පු කළහොත් තම විදේශ රැකියා නියෝජිත ආයතන බලපත්‍රය අහෝසි කරගන්නා බව පවසන ඒ මහතා අමාතඨවරයාට අභියෝග කරන්නේ, අමාත්‍යවරයාට එසේ කිරීමට නොහැකි වුවහොත් ඔහු තම අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවයි. සංගමය පෙන්වා දෙන්නේ ඇමැතිවරයා සතුව පවතින කැබිනට් බලතල පාවිච්චි කර හෝ ඔහු තම ප්‍රකාශය සත්‍ය බව ඔප්පු කළ යුතු බවයි.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගිය දා කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් ඊට ප්‍රතිචාර දැක්වීමට බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතායතන සංගමය විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙලෙස පැවසීය.

කම්කරු ඇමැතිවරයා පසුගිය දා මාධ්‍ය වෙත පවසා තිබුණේ මැදපෙරදිග රටවලට ගෘහ සේවයට පිටත් වන කාන්තාවක් වෙනුවෙන් එම විදේශ රැකියාව ලබා දෙන ආයතනයට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් ලැබෙන බවයි. එම මුදලින් අඩක් රාජ්‍ය මැදිහත්වීමෙන් අදාළ සේවිකාවගේ රැකවරණය සඳහා රඳවාගත යුතු බව ද ඇමැතිවරයා පෙන්වා දී තිබිණි.

එහි සභාපතිවරයා පවසන්නේ තම සාමාජිකයන්ට හොරු බව කියන ඇමැතිවරයා පළමුව කළ යුත්තේ ඔහු යටතේ තිබෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද බවට කොප් කමිටුවෙන් හෙළි කළ හොරුන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල රජයට ලබා ගැනීමට කටයුතු කිරීම බවයි.

මාධ්‍ය හමුවේ දී කළ කථාවේ කොටසක් පහතින් …..

LATEST POSTS

21න් ජනපති බලතල ගන්න අගමැති රනිල් සුදුසුද? අනුර ප්‍රශ්න කරයි

ගෙන ඒමට යෝජිත 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිගේ බලතල අඩු කොට අගමැතිට සහ පාර්ලිමේන්තුවට ලබාදිම සිදුවන නමුත් රනිල් වික්‍රසිංහ හෝ වර්තාමන පාර්ලිමේන්තුව එම වගකීම්...

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් නෑ – ඒත් සෞඛ්‍ය අතිකාල පහුගිය මාසයටත්

(කුමාරි රත්නායක) රාජ්‍ය අංශ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා මේ වනතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි. මෙම නිවේදනය නිකුත් වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප්...

හොර පාස්පොට් නඩුව ඔප්පු වී ශෂි වීරවංශ වසර 2ක් හිරේට

(ජනක බලල්ල) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට ශෂි වීරවංශ මහත්මියට එරෙහිව පැවැති නඩුව ඔප්පු වීමෙන් කොළඹ...

බදු වංචා හෙළි කර පුබුදු ධම්මිකගෙයි රවීගෙයි රෙදි ගලවයි

(ජනක බලල්ල) ධම්මික පෙරේරා රවී විජේරත්න වැනි ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්,  බදු සහන දෙමින් තම...